ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම වේගවත් වෙයි
- 2019-12-12 09:39:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශගුණ වෙනස්වීම් හේතුවෙන් ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 1990 දශකයේ පැවති තත්ත්වයට වඩා හත් ගුණයකින් වේගවත් වී තිබේ. ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් මේ බව සනාථ වී ඇත. වසර 26 ක කාලයක් පුරා ඔවුන් විසින් චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කර ලබාගත් ප්‍රතිඵල අනුව මෙම නිගමනයට එළඹී තිබේ.
ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම ආකාර දෙකකට සිදුවේ. මතුපිට පෘෂ්ඨය දියවී ජලය ලෙස සාගරයට එක්වීම එක් ක්‍රමයකි. ඊට අමතරව අයිස් කුට්ටි කුඩා කොටස්වලට කැඩී ගොස් දියවීම ද සිදුවේ. මෙම සියවස අවසාන වන විට මුහුදු මට්ටම ඉහළ නැගීම කෙරෙහි ග්‍රීන්ලන්තයෙන් පමණක් සෙන්ටිමීටර් 7 ක දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන මිලියන ගණනකගේ ජීවිත මෙහිදී අනතුරුදායක තත්ත්වයට පත්වේ. මෙය පසුගිය දශකයේදී පමණක් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දශම හතයි පහකින් ඉහළ යෑම එක් ප්‍රතිඵලයකි.
Reply To:
Name - Reply Comment
0 Comments