ආගන්තුක ආක්‍රමණශීල ශාක හඳුනාගනිමු - කලපු අන්දර (Prosopisjuliflora)
- 2025-11-06 11:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

මීටර 3 – 12ක් පමණ උසට වැඩෙන පඳුරු ශාකයකි. කටු සහිත මෙම ශාකයේ පත්‍ර සිනිඳු හෝ මඳ බූවක් සහිත වේ.
මෙහි මල් කොළ පැහැයට හුරු සුදු පැහැයක් ගනී. එම මල් මෝරන විට ලා කහ පැහැයට හැරේ. ශාකයේ හැඩය සහ විලාසය නිසා කිහිරිය වශයෙන්ද වරදවා හඳුනා ගනී.
මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව නිජබිම් කරගත මෙම ශාක විශේෂය වර්ෂ 1880දී රාජකීය උද්භිද උද්‍යානය මගින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. වර්ෂ1950 සෙවණ ශාකයක් ලෙස සහ පස වැඩි දියුණු කිරීමේ අරමුණෙන් හම්බන්තොට ප‍්‍රදේශයට හඳුන්වා දෙන විටත් එයආක‍්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන නොතිබුණි.
බුන්දල ජාතික උද්‍යානයේ ලවළ පස වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් මෙම ශාකය වර්තමානයේදී ආක‍්‍රමණික ශාකයක් බවට පත්වී ඇත. මේ වන විට බූන්දල රම්සා තෙත්බිමේ වෙරළබඩ කලාපය පුරා විශාල ලෙස පැතිරී ඇත.
කලපු අන්දරවල බීජ, එම ශාක ආහාරයට ගන්නා එළුවන්, ගවයින්, අලින් සහ අනෙකුත් ශාක භක්‍ෂක වනසතුන්ගේ බෙටි සමග ව්‍යාප්තිය සිදුවේ. ඒවා දිය පහරවල් දිගේ ව්‍යාප්ත වන අතර වැසි සමයේදී පිටාර ප‍්‍රදේශ තුළද පැතිරී ඉන් පසු එම ස්ථාන වලින් පාර්ශ්විකව ව්‍යාප්ත වේ.
නියගයට සහ පසේ ලවණතාවයට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව මෙම ශාකය සතුය. මේවායේ කටු සහිත පඳුරු විලාසය නිසා ඉක්මනින් වර්ධනය වී සමසත ප‍්‍රදේශයම වසා ගනියි.මෙවිට ප්‍රදේශවලට ගමන්කිරීමට පවා සතුන්ට නොහැකි වේ. මේ හේතුවෙන් සතුන්ගේ පෝෂක ප‍්‍රදේශ සීමා වෙයි.
ඉතා වේගවත් ආක‍්‍රමණික ශාකයකි. මේ නිසා උලා කන සතුන්ට ආහාර සපයන තෘණ බිම් සහ වාසස්ථාන අහිමි වීමද බලවත් තර්ජනයකි. මෙම ශාකයේ කරල් ආහාරයට ගැනීමත් කටු ඇනීමත් නිසා ශාකභක්‍ෂක සතුන් රෝගාතුර වීම සහ මියයෑම්ද වාර්තා වේ.
තක්ෂලි හපුආරච්චි
Reply To:
Name - Reply Comment
0 Comments