දියගම වනාන්තරය රුකගනිමු
- 2025-12-26 09:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වනාන්තර සොබාදහමට ජීවය සපයයි. වනාන්තර රුකගැනීම යනු සමස්ත සොබාදහම ආරක්ෂා කරගැනීමකි. එහෙත් මිනිස් අවශ්‍යතා වෙනුවෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතුවලදී පළමුව කපා හෙලන්නේ වනාන්තර ප්‍රජාවයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වනගහනය සමස්ත භූමි ප්‍රමාණයෙන් 28 -29 % පමණ අගයක් ගනියි. එවන් පසුබිමක් තුළ මෙරට වන ගහනය තව තවත් වැඩිකරගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.
හෝමාගම සහ එහි තදාසන්න ප්‍රදේශවලට ඇති එකම වනාන්තර ප්‍රදේශයදියගම වනාන්තරයයි. කාලීන සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම නිසා මෙම වනාන්තර ප්‍රජාව මේ වන විට තර්ජනයට ලක්ව ඇත. සංවර්ධන කටයුතු වෙනුවෙන් වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා අවට සියලු සතුන් මෙම වනාන්තර කොටසට සීමා වී ඇති බැවින් දියගම වනාන්තරය ජෛව විවිධත්වයෙන් උණුසුම් ස්ථානයකි. එය ගංවතුර පාලන ප්‍රදේශයක් වශයෙන්ද ක්‍රියා කරමින්ප්‍රදේශයේ ජලය අවශෝෂණය කරයි. බොල්ගොඩ ගඟට අතු ගංගා වන ඇළ දොළ දෙකක් ඇති අතර එයබොල්ගොඩ ගඟේක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන්ද වැදගත් වේ.එබැවින් මෙම වනාන්තර කොටස ආරක්ෂා කිරීම වැදගත් වේ.
කුල 51 ක ට අයත් ශාක විශේෂ 103 ක් මෙම දියගම වනාන්තරයෙන් හමුවන අතර එයින්12% ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික ශාක විශේෂ වේ. ඒ අතරින් 11.7% ක් පමණ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතෙහි අඩංගු ශාක බව මහාචාර්ය සුධීරා රන්වල ඇතුළු පර්යේෂණ කණ්ඩායම මගින් සිදුකළ ක්ෂේත්‍ර අධ්‍යයනයකදී අනාවරණය වී ඇත. පක්ෂි විශේෂ 90ක්, උරග විශේෂ 29ක්, උභය ජීවි විශේෂ 07ක්, උඩ හඳයා සහ කොලකනයා ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මිරිදිය මත්ස්‍ය විශේෂ 18 ක් ද,ක්ෂීරපායි විශේෂ 20ක්ද මෙහි වාසය කරයි. මේ අතරින් ක්ෂීරපායි විශේෂ 18ක් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති විශේෂ වේ. ශ්‍රී ලංකා කළු වඳුරා, හඳුන් දිවියා, රත් උනහපුළුවා, මැටි කොකා, නිල් පෙඳ බිඟුහරයා, ආදි සත්ව විශේෂ ඒ අතර වෙති.
සංරක්ෂණ කටයුතුවලදී ආක්‍රමණශීලී විශේෂවල පැතිරීම පාලනය කිරීම, සතුන් දඩයම් කිරීම හා අනතුරැවලින් ආරක්ෂා කරගැනීම, නීති විරෝධී ලෙස වනාන්තර හෙළි පෙහෙළි කිරීම වළක්වා ගැනීමට අවධානය යොමු කළ යුතුය. මෙම අගනා වාසභූමියේ වාර්තා වී ඇති ඇතැම් ශාක හා සත්ත්ව විශේෂවල උප විශේෂ තීරණය කිරීම සඳහා පර්යේෂණ අධ්‍යයන දිගටම කරගෙන යන අතර, සංරක්ෂකයින් ඉල්ලා සිටින්නේ මෙම වනාන්තර ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කරනලෙසටයි.
හෝමාගම හරිත හා සෞඛ්‍ය සම්පන්න නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමේදී දියගම වනාන්තරය ආරක්ෂා කිරීම ඉතා වැදගත් වනු ඇත. පාරිසරික වටිනාකම් රුසකින් යුත් නාගරික වනාන්තරයකි.
ඩේලි මිරර් පුවත් පතේ පළවූ ලිපියක් ඇසුරිනි.



Reply To:
Name - Reply Comment
0 Comments