Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් විරුදාවලිලත් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවය අතිමහත්ය. නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගත්තවුන් වශයෙන් ඔහු වෙනුවෙන් යමක් කිරීම ඉතා වැදගත් කොට සැලකිය යුතු ය. ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉපිද සිය උපන් ගමෙහි නාමය සිරිලක බැබලවූ මෙතුමා නමින් මෙතුමාට ගෞරවයක් ලෙස රක්වාන සුරියකන්ද ප්‍රදේශයෙන් හමුවූ නව කෙකටිය විශේෂයක් නම් කිරීමට ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ නිලධාරී මහත්වරුන් පිරිසක් කටයුතු කර ඇත.

kannangarakekatiya-5සිංහරාජ රක්ෂිතයට අයත් රත්නපුර රක්වාන කඳු පන්තියේ මෝනිං සයිඩ් (Morning Side) ප්‍රදේශයෙන් හමුවුන මෙම කෙකටිය විශේෂය නම් කොට ඇත්තේAponogeton kannangarae යන විද්‍යාත්මක නාමයෙනි. එය පසුගිය අගෝස්තු 31 වන දින සිට Aponogetonaceae නම් සපුෂ්ප ශාක පවුලට අයත් නවතම විශේෂය ලෙස Phytotaxa නම් නවසීලන්ත ජර්නලය විසින් අනුමත කර ඒ පිලිබඳ පර්යේෂණ වාර්තාව පල කර තිබේ. ලංකාවේ මෙතෙක් වාර්තා වූ කෙකටිය විශේෂ හතරෙන්ම රූපීයව වෙනස්කම් දැක්වූ මෙම නව මිරිදිය ජලජ පැළෑටිය මෝනිං සයිඩ් ප්‍රදේශයේ දොළ මාර්ග කිහිපයකින් පමණක් හමුවී ඇත. මෙම විශේෂය රක්වාන කඳුකරයට පමණක් සීමාවූ ස්ථානීය ආවේනික විශේෂයක් බවට හඳුනාගෙන ඇති අතර මෙම විශේෂය තර්ජනයට ලක්වූ විශේෂයක් බවට දැනට අනුමාන කරයි.

kannangarakekatiya-2

මෙම නව කෙකටිය විශේෂය හඳුනා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති, මධුර ද සිල්වා මහතා, වනජීවී සංගමයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් වන සුපුන් දේශප්‍රේම හා ප්‍රින්ස් මනම්පේරි යන මහත්වරුන් ත්‍රිත්වයටයි. 1993 වසරේදී දකුණු පළාත කේන්ද්‍ර කරගෙන ඇරඹි මෙම ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින් මේ වනවිට නව සත්ව විශේෂ ගණනාවක් හඳුන්වා දී ඇති අතර ශාක විශේෂයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්තාව මෙය වේ. නව විශේෂය සොයාගැනීමේ කර්තව්‍යය ඇරඹි ඇත්තේ 2012 වසරේදී ය. එහිදී ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ජෛව විවිධත්ව අධ්‍යයනයක් අතරතුර ලංකාවේ සාමාන්‍යයෙන් හමුවන කෙකටිය විශේෂ හතරෙන් රුපීයව වෙනස් ලක්ෂණ දැක්වූ මෙම නව විශේෂය හමුවී තීබේ. ඒ අනුව සිය පර්යේෂණ කටයුතු මෙහෙයවූ මෙම පිරිස ඉන් වසර හතරක පමණ කාලයකට අනතුරුව මෙය නව විශේෂයක් බව සොයා ගැනුණි. kannangarakekatiya-4ආරම්භයේදී ස්ථානීය වෙනස්කම් නිසා උදාහරණ ලෙස ශාකය ජලයේ පිහිටා ඇති ගැඹුර, දිය පහරේ වේගය හා ශාකයට ලැඛෙන සුර්යාලෝක ප්‍රමාණය මත වෙනස්කම් දැක්වුවත්, මෙම ශාකය ද පෙර සොයාගෙන තිබු විශේෂ අතරින් එකක් බවට සැක පහල කෙරුන ද ශාකයේ ලිංගික ලක්ෂණ සියුම්ව අධ්‍යයනය කිරීමේදී එය නව විශේෂයක් බවට කරුණු අනාවරණය විය. අලූතෙන් සොයාගත් මෙම ශාකය ලෝකයේ වෙනත් ප්‍රදේශවල නොපවතින බවට තහවුරු කර ගැනීම මීළඟ පියවර වූ අතර එහිදී ලෝකයේ සෑම ස්ථානයකින්ම පාහේ එකතු කරගත ශාක නිදර්ශක එකතුවක් සහිත ලෝක ප්‍රකට ශාකාගාරයක් වන කිව් උද්‍යානයේ (Kew gardens) වාර්තා සමග සසඳා බලා එම විශේෂය මෙතෙක් ලෝකය පුරා කිසිම ස්ථානයකින් හමුනොවූ බවට තහවුරු කර ගන්නා ලදී.

 kannangarakekatiya-3

නව විශේෂය ලංකාවෙන් හමුවන වෙනත් කෙකටිය විශේෂ වලින් වෙන් කොට හඳුනා ගත හැකි ලක්ෂණ ලෙස එහි පත්‍රිකා දෙකක් සහිත බීජංකුරය කළලයේ මධ්‍යයට මදක් පහලින් සවිවී පිහිටීමත්, පොළොවට සමාන්තරව වැඩෙන, අතු නොබෙදුනු සිලින්ඩරාකාර රයිසෝමයක් සහිත වීමද දැක්විය හැකිය. ලපටි කාලයේ මෙම ශාකයේ පත්‍ර මෙරුන් පාට හෝ තද දම් පාටින් යුක්තවෙයි. මෙහි මල් කිනිත්තේ වලයාකාර වින්‍යාසයකට පුෂ්ප පිහිටා ඇත. එමෙන්ම මෙම සොයාගැනීමත් සමග ලංකාවෙන් වාර්තාවන කෙකටිය විශේෂ ගණන පහ දක්වාත්, ආවේණික විශේෂ ගණන තුන දක්වාත් ඉහළ යනු ඇත.

මෙම පර්යේෂණ කටයුතු සඳහා සහය දුන් පිරිස අතර විශේෂයෙන් පරිසරවේදී රෝහණ පෙතියාගොඩ මහතා සහ පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා සඳහන් කළ යුතු බවත්, ඔවුන්ගේ ක්‍ෂේත්‍රය සම්බන්ධ දැනුම ලබා දෙමින් ඔවුන්ගේ වටිනා කාලයද කැපකරමින් පර්යේෂණ කණ්ඩායමට මෙම නව විශේෂය සොයාගැනීමට උපකාරී කිරීම පිළිබඳව පර්යේෂණ කණ්ඩායමේ ගෞරවනීය ස්තුතිය මොවුනට හිමිවන බව අප සමග පැවසීය.

තරංගා ආනන්දවංශ 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.