අරුම පුදුම ගෝරිලි ඇඟිලි
- 2020-06-09 12:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනිස්සු වානරයන්ගෙන් පැවත ඒම අමුතු පුවතක් නොවේ. වානර පවුලේ සාමාජිකයන් වන ගෝරිල්ලන් සහ මිනිසුන් අතර බොහෝ සමානතා පවතී. චිම්පන්සියන් සහ බැබුන් වඳුරන් හැරුණුවිට මිනිසාට ඊළඟට වැඩිම ඥාතීත්වයක් ඇති සතුන් සේ ගැනෙන්නේ මේ ගෝරිල්ලන්ය.
ගෝරිල්ලන් සහ මිනිසුන් අතර වන සමානතා පිළිබඳව පෙන්වාදෙන කදිම ඡායාරූපයක් හමු වී තිබේ.
මේ, ජෝජියාවේ ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ වෙසෙන 6 හැවිරිදි කුඩා ගැහැනු ගෝරිල්ලෙකු වන ඇනකාගේ අතය. ඇනකාගේ සය වන උපන්දිනය වෙනුවෙන් සත්වෝද්‍යානය නිකුත් කළ ඡායාරූපය කිහිපයකින් එකක මෙය පැහැදිලිව දැකගැනීමට ලැබිණි.
සාමාන්‍ය ගෝරිල්ලකුගේ සමේ ඇති වර්ණකවල හිඟතාවක් හේතුවෙන් රෝස පැහැ වුණු මෙම අත මිනිසෙකුගේ අතක සමීප ඡායාරූපයක් බඳුය.
මිනිසුන්ට මෙන්ම ගෝරිල්ලන්ටද මහපටඟිල්ලක් ඇත. වෙන් වෙන් වශයෙන් ඇති ඇඟිලි සහ පා ඇඟිලි ද වෙයි. ඔවුන්ගේ නියපොතු යම් ආහාර විවර කිරීමට, පතුරු ගැහීමට, ඉරීමට උපකාරී වේ.
(තින්කින් හියුමැනිටි ඩොට් කොම් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments