ආක්ටික් සාගරවල හිම සියල්ල 2035 වනවිට දියවී අවසන්
- 2020-08-19 15:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තව වසර 15කින් පෘථිවියේ උත්තර ධ්‍රැවයේ ආක්ටික් කලාපයේ පිහිටි සාගරවල හිම සියල්ල දියවී අවසන් වන බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ආක්ටික් සාගරවල දැන් පවතින තත්වය සහ මීට වසර ගණනාවකට ඉහතදී වූ ග්ලැසියර් යුගයේදී තිබූ තත්වය සන්සන්දය කරමින්, උසස් තාක්ෂණික උපකරණ යොදාගනිමින් කළ පර්යේෂණයකදී මේ බව සොයාගෙන ඇත.
එම පරීක්ෂණවලදී සාගරවල පවතින අයිස් සහ දිය වූ හිම සහිත පොකුණු, අතීතයේ සහ වර්තමානයේ පවතින ආකාරය සහ ඒවායේ ලක්ෂණ සොයාබලා තිබේ. හිරු රැස් උරාගැනීමෙන් දිය වෙන අයිස් සහිත පොකුණු නිරීක්ෂණය කළ එම පිරිස ග්ලැසියර් දියවීම සඳහා කෙතරම් ඌෂ්ණත්වයක් අවශ්‍යදැයි සොයා බැලූහ. හිම බෝල වැනි අධික සීත තත්වයේ පවතින අයිස් වුවද මේ තත්වය හමුවේ දියවන බව ඔවුහු පවසති.
අයිස් දියවීම, සාගර ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වන බවද, විශාල ගංවතුර තත්වයකට හේතු විය හැකිබවද, පෘථිවියේ බොහෝ ප්‍රදේශ වතුරට යටවීමේ අවදානමක් පවතින බවද, මෙම තත්වය ලෝකයේ සමස්ත උෂ්ණත්වයට ද බලපෑම් කළ හැකි බවද පර්යේෂකයෝ කියති.
(තින්කින් හියුමැනිටි ඩොට් කොම් ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments