Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආක්ටික් සාගරවල වාසය කරන, රංචු වශයෙන් පිහිනා යන බෙලුගා නම් සුදු පැහැති තල්මස් වර්ගයට අයත් පැටවුන් දෙදෙනෙකු චීනයේ සමුද්‍ර උද්‍යානයක සිට, අයිස්ලන්තයේ වෙරළ තීරය ආසන්න විවෘත මුහුදු පෙදෙසකට මාරු කර යැවීමට සත්ව ක්‍රියාකාරීහු පියවර ගනිමින් සිටිති.

‘ලිට්ල් ග්‍රේ’ සහ ‘ලිට්ල් වයිට්’ ලෙස නම්කර ඇති මෙම තල්මස් පැටවුන් දෙදෙනා අවුරුදු දොළහක් පමණ වයසැති ගැහැනු සතුන්ය.

චීනයේ ෂැංහයි නුවර, චැන්ෆෙං සාගර මින්මැදුරෙහි මෙම තල්මසුන් දෙදෙනා පසුගිය වසර 9 තුළ රඳවා තබාගන්නා ලදී. චීනයට රැගෙන ඒමට පෙර ඔවුන්, රුසියානු තලමසුන් පිළිබඳ පර්යේෂණ ආයතනයේ සිටියහ.

මෙම විශාල තල්මස් පැටවුන් දෙදෙනාව අයිස්ලන්තය වෙත ප්‍රවාහනය කිරීම සඳහා පළමුව ලොරි රථද, අනතුරුව භාණ්ඩ ප්‍රවාහනය කරන කාගෝ ගුවන් යානාද, ඇදගෙන යන ටග් බෝට්ටුවක්ද යොදාගනු ලැබිණි. මෙම පැටවුන් දෙදෙනා ටොන් 1ක් පමණ බරකින් යුතු විය.

අයිස්ලන්තයේ, දකුණු වෙරළ තීරය ආසන්නයේ පිහිටි වෙස්ට්මන් දූපත් ආසන්නයේ, ක්ලෙට්ස්වික් බොක්ක ආශ්‍රිත තටාකයකට මෙම තල්මස් පැටවුන් මුදාහැරීමට නියමිතව ඇත.

බෙලුගා තල්මසුන් බුද්ධිමත් බවින් ඉතා ඉහළ තල්මසුන් විශේෂයකි. උච්ච ස්වරයෙන් හඬගෑමට සමත්බැවින් "Sea Canary" නමින්ද ඔවුන් හඳුන්වයි. කැනරි යනු මිහිරි හඬින් ගී ගයන තියුණු හඬක් ඇති කුරුල්ලන් විශේෂයකි. මොවුන් වසර 70ක පමණ කාලයක් ජීවත්වන බව සැලකේ.

(තින්කිං හියුමැනිටි ඩොට් කොම් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.