Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

images1983 මාර්තු මස 20 දින මාගේ පියාණන් වු දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව මහා සඝ රුවනගේ ආශිර්වාදයෙන් මෙරට විශිෂ්ඨතම ඉංඡිනේරුවරයෙකු වු දිවංගත ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මැතිතුමාගේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස දැවැන්ත කොන්ක්‍රිට් කනු 32 මත ඉදිකෙරුණු චෛත්‍යකි මහවැලි මහා සෑය.

1980  දශකයේ දිවංගත ගාමිණී දිසානායක මැතිදුන් ‍ මහා සංඝයාගේ හා බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය හා ඉල්ලීම මත ඓතිහාසික කොත්මලේ මහා සෑය ආරම්භ කලා ඒ සදහා හේතු පාදක වෙච්ච කරනු කාරනා වුයේ කොත්මලේ ජලාශයෙන් විනාශ වි ගිය වෙහෙර විහාරස්ථාන හා මහා සංඝරත්නය විසින් දිවංගත ගාමිනී දිසානායක මැතිතුමා දැනුවත් කල පසු එතුමා විසින් මේ විනාස වි ගිය සියලුම වෙහෙර විහාරස්ථාන සිහිවිම පිණිස මහා දාගැබක් තනා ඒ සියලු විහාරස්ථාන සහිපත් කරන ව්‍යපෘතියක් නිර්මාණය කර 1983 වසරේදි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මුල්ගල් තබා මෙහි වැඩ කටයුතු ආරම්භ කළේය.  1991 වසරේදි මහා සැයේ වැඩ කටයුතු අතරමග නතර වී ඇත. .ඉන් වසර ගණනාවකට පසු වර්තමාන ජනාධිපති තුමා එවකට මහවැලි සංවර්ධන අමාත්‍ය වරයාව සිටියදි දිසානායක පවුලේ සාමාජියන් කොත්මලේ මහා සංඝ රත්නය හා මෙහි බෞද්ධ ඡනතාවගේ ඉල්ලිම පරිදි  2001 වසරේදි සංවර්ධන කටයුතු ආරම්භ කර තිබේ.


එවකට මහවැලි සංවර්ධන අමාත්‍යාංශය භාරව කටයුතු කර ගාමිණි ජයවික්‍රම පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා මැති ඇමැති වරුන් මෙහි සංවර්ධන කටයුතු කරගෙන ගිය බවත් ගාමිණි ජයවික්‍රම මැතිතුමාගේ කාලයේදී මේ මහා බෞද්ධ ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සංවිධානයක් වශයෙන්  මහවැලි සංස්කෘතික පදනම සිහිටවා තිබේ.

දිවංගත ගාමිනි දිසානායක මැතිදුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත් අධි නීතීඥ නවීන් දිසානායක මහතා  මහවැලි සංස්කෘතික පදනමේ සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව සංවර්ධන කඩිනම් විය. වෙළද ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය ජනතාව, ත්‍රිවිද හමුදාව, පොලිසිය වගේම මෙම මහසෑය අභ්‍යන්තරයේ ඇති කුඩා සෑය නිර්මාණය කළ කොත්මලේ හරංගල තේ කර්මාන්ත ශාලාවේ අධිපති හා මහවැලි සංස්කෘතික පදනම් භාරයේ සාමාජික රන්ජන් වල්පොල මහතා ඇතුඵ විශාලා පිරිසක් උදවු උපකාර කල බව කොත්මලේ මහවැලි මහා සෑයේ නේවාසික ආගමික උපදේශක තිස්පනේ ඡිනානන්ද නායක හිමියන් පැවැසිය.
 මහවැලි සංස්කෘත පදනම් භාරය නියෝඡනය කරමින් කොත්මලේ මහවැලි මහසැයේ වැඩ පාලක බී.ඒ, පද්මසිරි ගුණරත්න මහතා පවසා සිටියේ තමා මෙහි වසර 15 ක කාලයක පටන් සේවය කරන බවත් චෛත්‍ය වංශ කතාවේ නව පිටුවක් පෙරලිම සදහා මෙම කොත්මලේ මහවැලි මහාසැය දිවංගත ගාමිණි දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ජාත්‍යන්තර කීර්තියට පත් ආචාර්ය ඒ.එන්.කුලසිංහ මහතාගේ තාක්ෂණික ක්‍රමවේදයක් මුල් කර ගනිමින් මුහුදු මට්ටමේ සිට අඩි 3150 ක් පමන ඉහලින් සහ කොත්මලේ ගාමිණි දිසානායක ඡලාශයට ඉහළින් කඩදොර ග්‍රාමයේ බුබ්බුලා කාර හැඩයෙන් යුක්තව මෙම මහවැලි මහාසැය නම් විශිෂ්ඨ නිරිමාණය ඉදි කර ඇති බවත් සදහන් කලේය.
මෙහි ඇති විශේෂ ලක්ෂනයක් වනුයේ නවින තාකෂණයෙන් අනූනව මෙම මහවැලි මහාසැය ශක්තිමත් කොන්ක්‍රිට් කණු 32 ක් මත ඉදි කර ඇති ලෝකයේ එකම චෛත්‍ය වන බවට සැකයක් නැති බවද ඒ මහතා සදහන් කලේය.
තවද මෙම කොන්ක්‍රිට් කණු 32 පොලව මත පිහිටි ගලේ සිටම ස්ථාපිත කර ඇති බවත් මෙහි හැම කනුවකම වටප්‍රමාණය අඩි 12 ක් පමණ වන බවත් පිහිටි ගලේ සිට සැම කනුවකම උස ප්‍රමාණය අඩි 120 ක් හා 150 ක් අතර වන බවත් ඇතුලු කුහරය සහිත මෙම චෛත්‍යයේ සම්පුර්ණ උස ප්‍රමාණය අඩි 289 වන බවත් වට ප්‍රමාණය අඩි 660 ක් ද මෙම කන්ද උඩරට ඉදිකරන ලද මෙම චෛත්‍යයේ ශක්තිමත් පාදමත් සමග රුවන් වැලි මහා සැය අභිබවා යැමට දිවංගත ගාමිනී දිසානායක මැතිතුමාට පුලුවන් කම තිබුනත් එය නොකර ඡිවමාන බුදුපියානන් බදු වු රුවන් වැලි මහාසැයට දක්වන ගෞරවයක් වශයෙන් රුවන් වැලි මහාසැයට වඩා අඩි දෙකක් අඩුවෙන් මෙම මහසැය ඉදිකිරිමට සැලසුම් කල බවත් ගුණරත්න මහතා පැවැසිය.
තවද මහවැලි මහසෑයේ සෑ ගර්භය අගල් 11 ක කොන්ක්‍රිට් බිත්තියකින් නිර්මානය වි ඇති බවත් ඇතුලත විශ්කම්භය අඩි 200 වන බවත් හිස් කුහරය  වර්ග අඩි 31400 ක ප්‍රමානයක් බවත් සැ ගර්භයෙන් පිටත පිගන් ගඩොල් ලක්ෂ 4 කින් පමන ආවරනය වි ඇති බවත් වි‍ශේෂයෙන්ම හතරැස් කොටුව දේවතා කොටුව කොත් කැරැල්ල යන කොටස් තුන මල නොබැදෙන සුදු යකඩ තහඩු වලින් නර්මානය කර ඇති බවත් ඉහලින් ඇති කොත් වහන්සේ පිත්තල වලින් නිම කර ඇති බවත් එහි උස අඩි 14 ක් ද වට ප්‍රමානය අඩි 18 ක් වන බවත් එහි බර කිලෝග්‍රැම් 3750 ක් වන බවත් ගුණරත්න මහතා පවසා සිටි.

චමිල් රූපසිංහ(ලංකාදීප) ඡායාරූප- නවීන් දිසානායක ෆෙස්බුක් පිටුව

A (21)A (3)

 

 

 

 

 

 

 

A (4) A (15)

 

 

 

 

 

 

A (5) A (7)A (17)

 

 

 

 

 

 

 

 

 

A (10)

13413519_1444879375538099_4496997754422311857_n 13445432_1444879362204767_8184636777971627515_n 13466083_1444879305538106_3521920030367044348_n

 

 

 

 

 

A (12)Gamini_Dissanayake

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.