Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

DSCF7179DSCF7185කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. අක්කර 20 ක පමණ විශාල භූමි භාගයක වලව්ව පිහිටා ඇත. පවුරු තුනකින් වට වු වලව්ව පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව ගල් උළුවස්ස නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල් ද ඒ මත මකර තෙරණක හැඩයට ගල් ආරුක්කුවක් ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකකි. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර පහන්පවුර නම්වේ. එහි පහන් කුටි රුසකි. වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂ ද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද ඇති මේවා මඩුවන්වෙල මහ දිසාවගේ අභිමානය දනවයි.

මඩුවන්වෙල වලව්ව ඵෙතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි නිර්මාණකරැවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාවය. වලව්වේ සෑම බිම් අඟලක්ම ඒ සඳහා උපයෝගි කරගනී.  ඒ අතර වලව් මිදුලේ ඉදිකර ඇති වතුර මල සහිත ජල තටාකය ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි. ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රෑප සහිත සඳකඩපහණ දක්නට හැක. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරෑපයේ ඡායාරෑපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරෑපයක් පෙන්වන මෙම ඡායාරෑපයේ රාමුව සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ.

DSCF7175 DSCF7166

පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිත කර ඇත. අතර මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක් ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි.

සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව අමුත්තන් පිළිගැනීමේ ශාලාව ලෙස භවිත කර තිබේ. නිල් වීදුරැ කවුළු, බිම පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුයෙන කරන ලද මකර රූප,අලි රූප, හා නෙළුම් මල් රෑප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි.

වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු (වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ)සෙවිලි කර ඇත.1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත. කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරය ද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි.

DSCF7180

 

 

 

 

 

 

 

 

 

වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරැබිලිද මෙහි දක්නට ලැබේ. ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.