Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෘථිවි කක්ෂයේ රඳවා ඇති, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින නාසා ගගනගාමිනියක වන නිකොල් අයර්ස්, අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට පහළ පෘථිවිය දෙස බලද්දී, පුදුමාකාර හරි අපූරැ දෙයක් දුටුවාය. ඇයට පමණක් නොව, අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටි සෙසු ගගනගාමීන්ට ද එය පුදුමයක් විය. ප්‍රහේලිකාවක් විය.

අද්භූත ආලෝකය

නිකොල් අයර්ස්, දුටුවේ පෘථිවියේ පහළ සිට වලාකුළුවලින් ඉහළට විහිදෙන්න වූ දීප්තිමත් රතු පැහැති ආලෝකයකි. එය අකුණක් ගසනවා වැනිය. නිකොල් ඒ ගැන විමතියට පත්වූවාය.

එම දීප්තිමත් ආලෝක විහිදීම, ඡායාරෑපයට නැඟූ නිකොල් එය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර, බොහෝ දෙනාගේ අවධානය ඊට යොමු විය.

ගගනගමිනී නිකොල් අයර්ස්, ස්පේස් එක්ස් 10 වැනි කණ්ඩායම සමඟ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය නියමුවරියකි. ඇය මේ විස්මිත ආලෝකය දුටුවේ පසුගිය ජූලි 3 වැනිදා මෙක්සිකෝවට සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ජනපදවලට ඉහළින් අහසේය.

“අභ්‍යවකාශ නැවතුම්පොළ මෙක්සිකෝවට සහ ඇමෙරිකාවට ඉහළින් ගමන් කරද්දී, පහළින් රතු ආලෝකයක් විහිදෙනවා දකින්න ලැබුණා. ඒක ලස්සනයි. මෙවැනි දෙයක් මා මීට පෙර දැක නැහැ.” යැයි ඇය පැහැදිලි කළාය.

ඉහළ වායුගෝලීය විදුලි කෙටීම්

නාසා ගගනගමිනී නිකොල් අයර්ස් දුටුවේ ඉතාමත් දුර්ලභ ස්වභාවික සංසිද්ධියකි. ඇය දුටුවේ විදුලි කෙටීමකි. නැතිනම් අකුණකි. ඒත් මෙය සාමාන්‍ය විදුලි කෙටීමක් නොවෙයි.

විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ තාවකාලික දීප්තිමත් සිදුවීම් Transient Luminous Events (TLEs) යනුවෙනි. සරලව පැහැදිලි කළොත් මේවා ‘ඉහළ වායුගෝලීය විදුලි කෙටීම්’ ය. මෙම ආලෝක ධාරා සැණින් ඇතිවී, සැණින් නැතිවී යයි. අතීතයේ ගුවන් නියමුවන්ට මෙම ‘ඉහළ වායුගෝලීය %විදුලි කෙටීම්’ නැතිනම් ‘ඉහළ වායුගෝලීය %අකුණු’ දකින්න ලැබී තිබුණත්, ඒවා මොනවාදැයි හරිහැටි කියන්න ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැත.

පළමු වරට මෙවැනි සන්සිද්ධියක් ඡායාරෑපයට නැගීම සිදුවූයේ 1989 වසරේදීය. විද්‍යාඥයන් මේවා ගැන උනන්දු වෙමින්, මේවා මොනවාදැයි පැහැදිලි කිරීම් සිදුවූයේ ඉන් අනතුරැවය.

ස්ප්‍රයිට්ස්

නාසා ගගනගාමිනියට දකින්න ලැබුණු ජෙලි ෆිෂ් සත්වයකු සිහි ගන්වන ආකාරයේ ආලෝක ධාරාව හැඳින්වෙන්නේ ස්ප්‍රයිට්ස් Sprites යනුවෙනි.

විවිධාකාරයේ තාවකාලික දීප්තිමත් සිදුවීම් ස්වභාවිකව නිර්මාණය වෙයි. ඒ අතරින්, දීප්තිමත් රතු පාට හඳුන්වන්නේ ස්ප්‍රයිට්ස් යනුවෙනි. ස්ප්‍රයිට්ස් ධාරා ඇතිවන්නේ, ගිගුරැම් සහිත වලාකුළක උඩම කොටස සහ පොළොව අතර ඇතිවන විශේෂ විදුලි කෙටීම් නිසාය.

ආලෝක ධාරා

ස්ප්‍රයිට්ස් රතු පාටින් පමණක් නොවෙයි, රෝස සහ තැඹිලි පාටින් ද දකින්න ලැබෙයි. අතැම්විට මෙම ආලෝක ධාරාවල පහළින් එල්ලෙන නූල් වැනි කොටස් දකින්නට ලැබෙයි. නූල් වැනි එම කොටස් ද සියුම් ආලෝක ධාරා විහිදීම්ය.

ස්ප්‍රයිට්ස් ආලෝක ධාරා වර්ග කිහිපයකි.විද්‍යාඥයන් මේවා වර්ග කර ඇත්තේ හැඩ අනුවය.

ජෙලිෆිෂ් ස්ප්‍රයිට්ස් යනු මුහුදේ සිටින ජෙලිෆිෂ් සතුන් සිහිගන්වන විදියේ වටකුරැ හැඩැති ඒවාය. නාසා ගගනගමිනී නිකොල් අයර්ස් දුටුවේ ජෙලිෆිෂ් ස්ප්‍රයිට්ස් ආලෝක ධාරාවකි.

ලුසිත ජයමාන්න

ලයිව් සයන්ස් ඇසුරිනි

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.