Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවුන් සාන් සූකී අත්අඩංගුවට

ඉකුත් වසරේ පැවැති මැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූචී ගේ නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රසි (එන්.එල්.ඩී.) පක්ෂය බලයට පත්විය.

අවුන් සාන් සූචී ඇතුළු එම පක්ෂයේ අනෙකුත් නායකයන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර හමුදාව වසරක කාලයක් සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

“මැතිවරණ වංචාවක්” සිදුව ඇති බව ප්‍රකාශ කරමින් හමුදාව මෙලෙස පාලක පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර හමුදා ප්‍රධානී මින් අවුන්ග් හ්ලෙයින්ග්ට බලය ලබාදෙන බව හමුදාවට රූපවාහිනි නාලිකාව නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබාගැනීම සඳහා හමුදා ප්‍රකාශක සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ සහ එරට ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය වන යැන්ගොන් නුවර දුරකතන සම්බන්ධතා මේ වනවිටත් අවහිර කර ඇතැයි ද එරට ජාතික රූපවාහිනි සේවය ද මේ වනවිට විකාශ නොවන බවත් වාර්තා වේ.

ඉකුත් වසරේ පැවැති මැතිවරණයෙන් මියන්මාරයේ පාර්ලිමේන්තුවේ පළමු වරට අද (1) රැස්වීමට නියමිතව තිබිණි.

යැන්ගොන් නුවරට මේ වනවිට හමුදාව කැඳවා ඇති අතර ජංගම දුරකතන සේවා, අන්තර්ජාල සේවා ඇතුළු සන්නිවේදන මාර්ග සියල්ල අවහිර වී ඇත.

අවුන් සූචි, මියන්මාරයේ ජනාධිපති වින් මයින්ත් සහ නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රසි (එන්.එල්.ඩී.) පක්ෂය අනෙකුත් නායකයන් අද උදෑසන අත්අඩංගුවට පත්වූ බව එම පක්ෂයේ ප්‍රකාශක මියෝ නායුන්ත් පැවැසීය.

“මීට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට කලබල වෙන්න එපා. අපි නීතියට අනුව පියවර ගන්න අවශ්‍ය” යැයි හෙතෙම කීය.

තමන් ද ඉදිරි පැය කිහිපය ඇතුළත අත්අඩංගුවට පත්වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළ අතර ඉන් පසු තවමත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇතැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය සති කිහිපයේදීම මියන්මාරයේ සිවිල් ආණ්ඩුව සහ හමුදාව අතර මතගැටුම් ඇති විය. මහ මැතිවරණයේදී වංචාවක් සිදුව ඇතැයි හමුදාව චෝදනා කළ අතර හමුදා කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව ට ආණ්ඩුවෙන් චෝදනා එල්ල විය.

බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරය 2011 වසර වන තෙක් පැවතියේ හමුදා පාලනයක් යටතේය. අවුන් සාන් සුචී ගේ මුලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීමත් සමගම හමුදා පාලනය අවසන් කෙරිණි. 

(lankadeepa)

‘මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන පිරිස්වලට එරෙහිව පියවර ගන්නවා‘

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.
ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවකට මාර්ගය නිර්මාණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵලයට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් යැයි ද ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

එලෙස බාධා කරන සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සඳහන් කළාය.

අවුන් සාන් සූචීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දැනටමත් දැනුම් දී ඇතැයි ද ඇය පැවැසුවාය.

හමුදාව නැවත වරක් මියන්මාරයේ බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති නායකයන් කඩිනමින් නිදහස් කරන්නැයි අවධාරණය කරන බවත් ඔස්ට්‍රේලියානු රජය මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මේ අතර මියන්මාරයේ සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එරට සිටින සිය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම කෙරෙහි තවම අවධානය යොමු කර නැති බවත් ජපානය සඳහන් කළේය. 

 අගමැති බොරිස් ජොන්සන් කුමන්ත්‍රණය සහ අවුන් සාන් සුචී "නීති විරෝධී ලෙස සිරගත කිරීම" හෙළා දුටුවේය.
 
රොයිටර්

 යුරෝපා නායකයෝ ද හමුදා කුමන්ත්‍රණය හෙළා දැක තිබුණි.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් මියන්මාරයෙන් ඉල්ලා සිටියේ "නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසට" සහ "නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින සියලුම සිවිල් නායකයින් සහ අනෙකුත් අයව වහාම නිදහස් කරන්න" යනුවෙනි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කුමන්ත්‍රණය සහ අවුන් සාන් සුචී "නීති විරෝධී ලෙස සිරගත කිරීම" හෙළා දුටුවේය.

රොයිටර්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.