ආත්ම විශ්වාසයෙන් පිරි වික්‍රමාන්විත පරපුරකට ශිෂ්‍ය භට බලකාය
- 2025-09-11 13:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙහෙවර
සැලසුම් කරන ලද පුහුණු පාඨමාලාවක් තුළින් ශිෂ්‍යභටයින් තුළ චරිතවත්බව, චිත්ත ධෛර්යය, ක්‍රීඩාශීලී බව, ආත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජා හැඟීම්, වික්‍රමාන්විත හැඟීම, වගකීම් දැරීම, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර ජාතියේ සේවය සඳහා යෙදවිය හැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දිය හැකි සාරධර්මවලින් පිරිපුන්තරුණ පරපුරක් බිහි කිරීම. ජාතික ශිෂ්‍යභට බලකායේ මෙහෙවරයි.
ඉතිහාසය
ආරම්භය : 1881
ස්ථානය : කොළඹ රාජකීය විද්‍යාලයෙහි
පුරෝගාමියා : ජෝන් බි කල්
අරමුණ : සරඹ තුළින් විනය ගොඩනැගීම
1902 වර්ෂයේ ගුරුවරු හා සිසුන්ගෙන් සැදුම්ලත් ශිෂ්‍යභට බලඇණිය -ලංකා පාබල හමුදාව
CADET BATTALION – CEYLON LIGHT INFANTRY - VOLUNTEERS
ප්‍රථම අණදෙන නිලධාරියා :- බ්‍රිතාන්‍ය ජාතික මේජර් එස්.එම්. බරෝස්
ජාතික ශිෂ්‍යභට බලකායේ ආරම්භක පාසල් අතර
NONQUAM NON PARATUS
සිසු ක්‍රියාකාරකම් සහිත විශාලතම රාජ්‍ය ආයතනයයි
1985 අංක 40 දරන ආඥා පනත යටතේ ඇති බලතල අනුව ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය හා පොලිස් ශිෂ්‍යභට බලකා ඒකාබද්ධ වී ජාතික ශිෂ්‍යභට බලකාය ලෙස 1988 දීස්ථාපිත විය. ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනයකි.
මෙම මෙහෙයුමේ නියමුවාණන් ලෙස බලකායේ වත්මන් අධ්යක්ෂ මේජර් ජෙනරල් ඒ.පී.සී.ආර් .ප්‍රේමතිලක මෙතුමා රණශූර සහ උත්තමසේවා පදක්කම් ලාභියෙකි. මෙතුමාගේ උපදේශනය යටතේ කටයුතු සිදුකරනු ලබන ජාතික ශිෂ්‍යභට බලකාය පාසල් සිසුන් සම්බන්ධව බාහිර ක්‍රියාකාරකම් සිදුකරන විශාලතම රාජ්‍ය ආයතනයයි.
සිදු කෙරෙන සේවාව
බලඇණි 30ක් යටතේ වාර් ෂික ශිෂ්‍යභට ප්‍රගතිය හදාරන ලද දෙලක්ෂයකට ආසන්න ශිෂ්‍යභට සංඛ්‍යාවකින් පාසල් විෂය බාහිර ක්ෂේත්රය ඔප්නැංවීමත්, ශිෂ්‍යභට පුහුණුව ලද ශිෂ්‍යභට බාලක බාලිකාවන් ත්‍රිවිධ හමුදාවෙහි විවිධ වෘත්තීන්හි නියැළෙමින් මවුබිමට තම සක්‍රීය සේවය ලබාදෙති. ජාතික ශිෂ්‍යභට බළකායෙ නිලධාරින්, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, පුනරුත්ථාපන අමාත්‍යාංශය, සිවිල් ආරක්ෂක බළකාය සහ යොවුන් සේනාංකයවෙත සක්‍රීය සේවය ලබාදෙමින් මවුබිමට උදාරතර සේවයක් ඉටුකරයි.
ශිෂ්‍යභටයකු වන ඔබට ලැබන ප්රතිලාභ
ඔබ පාසල් ශිෂ්‍යයකු, ශිෂ්‍යාවක නම් ජාතික ශිෂ්‍ය භට ප්‍රධාන අරමුණ යටතේ යහපත් වැඩදායක පුරවැසියකු ලෙස සමාජයට පිවිසීමේ ශක්තිය හා පෞරුෂය ලැබීම.
පාසල තුළ ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම්වලදී නායකත්වය හිමිවීම(ශිෂ්‍යනායක/ක්‍රීඩා නායක ) වාර්ෂික බලඇණි ඇගයීම් කඳවුරුවලට සහභාගි වී ශිෂ්‍යභට ජීවිතයේ නව අත් දැකීම් ලබා ගත හැකිවීම.
ශිෂ්‍යභට කටයුතු නිමා වීමෙන් පසු ලැබෙන වටිනා සහතිකය ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී ඉහළින් පිළිගැනීම.
විශ්වවිද්‍යාල ප්රවේශයේදී ලබාගත් ලකුණුවලට අතිරේක ලකුණු එකතුවීම, ශිෂ්‍යභටයකු වශයෙන් විදේශ සංචාර සඳහා අවස්ථා හිමිවීම සහ ශිෂ්‍යභටයන් සඳහා ඇති සුවිශේෂි පාඨමාලා සඳහා එක්වීමට හැකිවීම.
පාසල් ගුරුභවතුන්ටත් අවස්ථාව
දින 65 මූලික හමුදාමය පුහුණුවක් ලබා වසරක පරිවාස කාලයකට පසු ජනාධිපතිතුමන් විසින් රජයේ ගැසට් නිවේදනයකින් අධිකාරියට පත් කිරීම.
ගරු කටයුතු සේවයක් කරමින් පාසලට මෙන්ම සමාජයට ද වැඩදායී පුද්ගලයකු ලෙස සේවයක් ඉටුකිරීමේ හැකියාව.
තම සේවා තත්ත්වය තව තවත් උසස් කර ගනිමින් උපරිම සේවයක් ලබාදිය හැකි පරිදි ජනප්‍රිය පාසලකට ස්ථාන මාරුවක් ලබාගත හැකි වීම.යුද හමුදා සක්‍රීය සේවයේ යෙදීමට අවස්ථා ලැබීම හා නිලයට හිමි වැටුප් දීමනා ලබා ගැනීමට හැකිවීම.
දයාබර දූ දරුවන්
ඔබ වයස අවුරුදු12-14ත් වයසේ පසුවන අයෙකු නම් කනිෂ්ඨ ශිෂ්‍යභටයෙකු ලෙසත්, වයස අවුරුදු 14 – 20 අතර අයෙකු නම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභටයකු ලෙසත් පාසල් දිවිය සාර්ථක කරගැනීමට ජාතික ශිෂ්‍යභට බලකායට බැඳී නව අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව තිබේ.
එමෙන්ම වයස අවුරුදු 35 ට අඩු මනා කායික නිරෝගිතාවකින් හෙබි පාසල් ගුරු භවතුන් හටද මේ සඳහා එක්විය හැකි අතර ක්‍රීඩා සංගීත නැටුම් පරිගණක ආදි විෂය හා බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමට කැමති නම් ඒ සඳහාද ඉඩ අවස්ථාව ලබාදීමට කටයුතු සකසා තිබේ.තම ප්‍රදේශයේ ආසන්නතම බලඇණියේ අණදෙන නිලධාරිතුමන්ගෙන් හෝ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානය, අංක 15, දුටුගැමුණු විදීය, පාමංකඩ දෙහිවල ස්ථානයට යොමුවිය හැකිය.
හසින්ත චමීර රූපසිංහ
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
මම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක සාමාර්ථයක් ලබාගෙන උසස් පෙළට ඉංජිනේරු තාක්ෂණ වේදයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා ගන්නවා.
මම ශිෂ්‍යභටයෙක් විදියට කටයුතු කලේ හත ශ්‍රේණියේ සිට මේ වන විට මේ අංශයෙන් ඉතා ඉහළ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මට හැකි වෙලා තියෙනවා.
ශිෂ්‍ය භටයෙක් කියන්නේ ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීමට විශාල මග පෙන්වීමක් හැටියට මම දකිනවා.
කේ. එම්. තරිඳු නිශ්ශංක කුමාර
මතුගම ශාන්ත මේරි විදුහල
මම වර්තමානයේ 12 වැනි ශිෂ්‍යභට බල ඇණියේ රෙජිමේන්තු සැරයන් විදියට කටයුතු කරනවා.
මගේ ජීවිතයට බොහෝ දේවල් ළං කරගන්න හැකි වුණේ ශිෂ්‍යභටයෙක් විදියට එක්වුණාට පස්සේ.
මගේ අධ්‍යාපන කටයුතුවලටත් විශාලතම පිටු බලයක් වුණේ මේ නිසා.
මම මේවන විට මගේ පාසලේ බාලදක්ෂ ආචාර්යවරයා හැටියටත් කටයුතු කරනවා.
අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකාරකම් තුළින් ශක්තිමත් පුරවැසියෙක් ලෙස හැඩ ගැසීමට ශිෂ්‍ය භටයෙක් වීම තුළින් හැකි වෙනවා.
තරුකි නිනායා පැස්කුවල්
මතුගම ආනන්ද ශාස්ත්‍රාලය
බාහිර ක්‍රියාකාරකම්වලට මම හුඟක් කැමති මගේ අනාගත බලාපොරොත්තුව ගුවන් හමුදාවට එකතුවෙන්න ඒ ඉලක්ක සපුරා ගැනීමටත් මගේ අරමුණට යන්නත් මේක විශාල පිටුබලයක් වෙනවා.
ශිෂ්‍යභටයෙකු වීම කියන්නේ කිසිසේත්ම අධ්‍යාපනයට බාධාවක් නොවේ අපි පොත පතට පමණක් පන්ති කාමරයට පමණක් සීමා නොවී අවස්ථා අධ්‍යයනය කිරීමට මෙවැනි දේ සඳහා යොමු විය යුතුයි.
පී. ඩී. හිරුණි කරුණාතිලක
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
ශිෂ්‍යභට බාලිකා අංශයට සම්බන්ධ වුණේ මගේ ශිෂ්‍ය භට මිතුරියන් නිසා මම දුටුවා ඔවුනගේ අනිත් අයට වඩා විශාල වෙනසක් මටත් ජීවිතයේ එ් විදියට හැඩ ගැහෙන්න කැමැත්ත ඇති වුණා.
අද වන විට මේ අංශයෙන් මම හුඟක් ඉදිරියට ඇවිත් තියෙනවා. පාසලේ විෂය වගේම මේ ආකාරයේ බාහිර ක්‍රියාකාරකම්වලින් මගේ ජීවිතයට විශාලමඟ පෙන්වීමක් කර තියෙනවා.
කේ. බී. එම්. ඩී. කරුණාපතිරණ
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යවිද්‍යාලය
මම මේ අංශයට සම්බන්ධ වෙන්නේ තූර්ය වාදක අංශයෙන් මගේ පාසල් අධ්‍යාපන කටයුතු කිසිදු ආකාරයකින් පාඩුවක් සිදු නොකරගෙන විභාග කඩඉම්වලින් ඒ සාමාර්ථ ඉතා ඉහළින්ම ගන්න මට හැකි වුණා.
ශිෂ්‍යභට ජීවිතය කියන්නේ සෑම පාසල් දරුවෙකුම ලැබිය යුතු අත්දැකීමක් හැටියට තමයි මම දකින්නේ.
1 ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක (ආර්.එස්.පී., යූ.එස්.පී.,එන්.ඩී.සී )
මේජර් ජෙනරාල්
අධ්යක්ෂ
ජාතික ශිෂ්‍යභට බළකාය
සටහන සේයාරූ - විශ්ව ගැමුණු ප්‍රියංකර
Reply To:
Name - Reply Comment
0 Comments