චන්ද්‍රග්‍රහණය ඔබට නරඹන්න ලැබුණාද?
- 2025-09-09 11:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 7 කට පසු, ශ්‍රී ලංකාවට දකින්න ලැබුණු චන්ද්‍රග්‍රහණය ඔබට නරඹන්න ලැබුණාද? එය ඇත්තෙන්ම සුවිශේෂී සිද්ධියයකි. මේ චන්ද්‍රග්‍රහණය අපට දකින්න ලැබුණේ පසුගිය සැප්තැම්බර් 7 වැනිදා, බිනර පොහොය දාය.
උප ඡායාව
චන්ද්‍රග්‍රහණය ආරම්භ වුණේ සැප්තැම්බර් 7 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.58 ටය. එම අවස්ථාවේදී පෘථිවියේ උප ඡායාව, චන්ද්‍රයා මත වැටීම ආරම්භ විය. රාත්‍රී 9.57 වෙද්දී, පෘථිවියේ උප ඡායාව සම්පූර්ණයෙන්ම චන්ද්‍රයා මත පතිත විය. රාත්‍රී 8.58 සිට 9.57 දක්වා දකින්න ලැබුණේ උප ඡායා ග්‍රහණයකි. එහෙයින් චන්ද්‍රයාගේ පැහැදිලි වෙනසක් දකින්න ලැබුනේ නැත. එහෙත් චන්ද්‍රයාගේ දිප්තිය සෙමින් සෙමින් අඩු වී ගියේය.
පූර්ණ ඡායාව
රාත්‍රී 9.57 න් පසු, පෘථිවියේ පූර්ණ ඡායාව චන්ද්‍රයා මත පතිත වීම ආරම්භ විය. චන්ද්‍රයා නැතිනම් සඳ වමේ සිට දකුණට ක්‍රමයෙන් අඳුරු වීමට පටන් ගත්තේය. මේ චන්ද්‍රග්‍රහණය සිදුවෙද්දී චන්ද්‍රයා පිහිටා තිබුණේ නැගෙනහිර අහසේය. රාත්‍රී 9.57 සිට රාත්‍රී 11 පමණ දක්වා පෘථිවියේ ඡායාව චන්ද්‍රයා මත වැටෙන්න විය. රාත්‍රී 11 පසුවෙද්දී, පෘථිවියේ පූර්ණ ඡායාව චන්ද්‍රයාමත පතිත විය. පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ආරම්භ වීම ඒ අනුව සිදුවිය. චන්ද්‍රයා ක්‍රමයෙන් රතු පැහැයට හැරුණේ ඉන් පසුවය. රාත්‍රී 11.41 වෙද්දී, චන්ද්‍රයාගේ රතු පැහැය නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසු රතු පැහැය කෙමෙන් අඩුවී පහුවදා එනම් සැප්තැම්බර් 8 වැනිදා අලුයම 12.22 වෙද්දී පූර්ණ ග්‍රහණය අවසන් විය. පෘථිවියේ පූර්ණ ඡායාව සහ උප ඡායාව සෙමින් සෙමින් චන්ද්‍රයාගෙන් ඉවත් වීම ඉන්පසු දකින්න ලැබුණි. අලුයම 2.26 වෙද්දී, සියල්ල අවසන් විය.
2040 වසරේ
Credit - Priyantha Bandara Travel Photography
2040 ට පෙර, ශ්‍රී ලංකාවට දිස්වන දීර්ඝතම මෙන්ම අඳුරුතම පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම චන්ද්‍රග්‍රහණයේ පූර්ණ අවස්ථාව පැය 1 යි මිනිත්තු 22 ක් පැවැතීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ අපට යළි මේ ආකාරයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2040 නොවැම්බර් 18 වැනිදාය.
චන්ද්‍රග්‍රහණ වර්ග
සරලව කීවොත්, චන්ද්‍රග්‍රහණයක් යනු සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණෙද්දී, පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමය. සෑම පසලොස්වක පොහොය දිනකම පෘථිවිය පිහිටන්නේ සූර්යයා සහ චන්ද්‍රයා අතරය. එසේ වුවත් හැම මාසයකම චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ නැත. හේතුව, සූර්ය පෘථිවි කක්ෂ තලයට, පෘථිවි චන්ද්‍ර කක්ෂ තලය දක්වන අංශක 5 යි කලා 17 ක ආනනිතය. මේ ආනතිය නිසා සෑම මාසයකම පසලොස්වක පොහොය දිනය දා සඳ සහ සූර්යයා අතරේ පෘථිවිය පැවැතියත්, පෘථිවි සෙවනැල්ල සඳ මත පතිත වෙන්නේ නැහැ.
වර්ග තුනක්
පූර්ණ චන්ද්‍ර ග්‍රහණය (Total Lunar Eclipse): පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතර හරියටම එකම සරල රේඛාවක පිහිටන අතර, පෘථිවියේ සම්පූර්ණ සෙවනැල්ල (umbra) චන්ද්‍රයා මතට වැටේ. පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් වනු මෙයයි.
උම්බ්‍රා චන්ද්‍ර ග්‍රහණය (Partial Lunar Eclipse): මෙහිදී පෘථිවියේ සෙවනැල්ලෙන් (umbra) කොටසක් පමණක් චන්ද්‍රයා මතට වැටේ. ඒ නිසා චන්ද්‍රයාගේ කොටසක් පමණක් අඳුරු වන අතර, අනෙක් කොටස ආලෝකමත් වේ.
පෙණුම්බ්‍රල් චන්ද්‍ර ග්‍රහණය (Penumbral Lunar Eclipse): මේ අවස්ථාවේදී පෘථිවියේ අර්ධ සෙවනැල්ල (penumbra) පමණක් චන්ද්‍රයා මතට වැටේ. මෙම සෙවනැල්ල ඉතාම බොඳ සහ දුර්වල වන නිසා, බොහෝ විට මෙම ග්‍රහණය නිරීක්ෂණය කිරීම අපහසු වන අතර, චන්ද්‍රයාගේ දීප්තිය සුළු වශයෙන් අඩු වන ආකාරයක් පමණක් පෙනෙයි.
රතුපාට වුණු හැටි
කාගේත් සිතට නැගුණු ලොකුම ගැටලුව වුණේ, පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නම්, චන්ද්‍රයා රතු පාටට හැරුණේ ඇයිදැයි යන්නය. චන්ද්‍රග්‍රහණයේදී රතු සඳක් අපට දකින්න ලැබුණේ පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන හිරු එළිය නිසා ය. සූර්යාලෝකය පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විට, වායු අණු සහ දූවිලි වැනි කුඩා අංශ මගින් ආලෝකය විවිධ දිශාවලට විසුරුවා හැරේ. සූර්යාලෝකය රතු පැහැයට හුරු ආලෝකය සඳ මතට පතිත වීම නිසා සඳ රතු පැහැයෙන් දිස්වෙයි. මෙම හිරු බැස යන විට හෝ හිරු උදාවන විට අහස රතු හෝ තැඹිලි පැහැයෙන් දිස්වීමට හේතු වන දෙයට සමානය. වායුගෝලයේ ඇති දූවිලි, දුම් හෝ වෙනත් අංශු ප්‍රමාණය අනුව සඳෙහි රතු පැහැයේ දීප්තිය අඩු වැඩි විය. තවත් අපූරු දෙයක් වන්නේ පසුගිය සැප්තැම්බර් 7 අපට චන්ද්‍රග්‍රණයක් ග්‍රහණයක් දිස්වුණත්, අප සඳ මත සිටියේ නම්, අපට දකින්නේ චන්ද්‍ර ග්‍රහණයක් නොව, සූර්ය ග්‍රහණයකි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
Reply To:
Name - Reply Comment
0 Comments