අප්‍රිකාවේ ප්‍රථම අධිවේගී දුම්රිය මොරොක්කෝවෙන්
- 2018-11-20 04:07:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප්‍රිකාවේ ඉදිකෙරුණු පළමු වැනි අධිවේගී දුම්රිය මාර්ගය පසුගියදා මොරොක්කෝවේදී විවෘත විය. ප්‍රංශයේ මුදල් සහ තාක්ෂණික ආධාර යටතේ මෙම මාර්ගය ඉදිවී ඇත. ඒ අනුව, මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජු සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් එක්ව මෙම දුම්රිය මාර්ගය විවෘත කර තිබේ.
මෙම අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වියදම ඇ.ඩො.බිලියන 2කි. හිටපු ප්‍රංශ ජනාධිපති නිකලොස් සාර්කෝසි විසින් 2011 වසරේදී එය ආරම්භ කරන ලදී. ප්‍රංශයේ මූලික ආධාරවලට අමතරව අසල්වැසි අරාබි රාජ්‍යයන් කිහිපයක්ද මේ ව්‍යාපෘතියට මුදල් යොදවා තිබේ.
මොරොක්කෝවේ නැග්ගයර් සහ කැසබ්ලන්කා යන ආර්ථික මධ්‍යස්ථාන එකිනෙක සම්බන්ධ කරමින් මෙම දුම්රිය මාර්ගය ඉදිකර ඇත. ඒ අනුව සාමාන්‍ය දුම්රියක් මගින් පැය 5ක් ගත වන දුර ප්‍රමාණයක් මෙමගින් පැය දෙදකුත් විනාඩි 10ක් තුළ ආවරණය කිරීමට හැකිවෙනු ඇතැයි පැවසෙයි. දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 320 කි. දැනටමත් මොරොක්කෝව ප්‍රංශයේ ඇල්ස්ටොම් සමාගම විසින් නිපදවූ අධිවේගී දුම්රිය 12ක් මිලදී ගෙන ඇතැයිද පැවසෙයි.(wmdjbm) ඡායාරූප-අන්තර්ජාලයෙනි
Reply To:
Name - Reply Comment
0 Comments