Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ (90) අභාවප්‍රාප්ත විය. වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ සිය සහෝදරයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවය පිළිබද පළමුව නිල වශයෙන් දැනුම් දෙමින් කියුබානු විප්ලවයේ පුරෝගාමියා ජීවිතයට සමුදුන් බව නිල ප්‍රකාශ කළේය. සමාජවාදී ආර්ථික ක්‍රමයකට සිය රට මෙහෙයවමින් ඔහු දැක්වූ ආදර්ශය සමස්ත ලෝකයම අගය කරයි.  ඒ වෙනුවෙන් ඇමෙරිකාවෙ සම්බාධකවලට ලක්ව දශක ගණනාවක් සිය රට පාලනය කිරීමට ඔහුට සිදුව තිබිණි. වසර කිහිපයක් රෝගාතුරව සිටි පිදෙල් කස්ත්‍රෝ  ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුගේ සොහොයුරු රාහුල් කස්ත්‍රෝ කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු ඇරඹීය. කිසිවිටකත් ඇමෙරිකාව ඉදිරියේ දණ නොනැමූ මේ නායකයා ජගත් සමාජවාදයේ පතාක යෝධයකු ලෙස ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේ ය.  

කැස්ත්‍රෝ වෙනුවෙන් කියුබානු රටපුරා සැමරුම් උත්සව මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. මෙම අසහාය නායකයාගේ ගුණ සමරා සැමරුම් වැඩසටහන් පැවැත්වීමට ඔහුගේ අනුගාමිකයින් තීරණය කර තිබේ. කැස්ත්‍රෝගේ සහෝදරයෙකු වන වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝද ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

අද පුවත්පත ඇසුරිනි.

ෆිදෙල් ඇලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස් වර්ෂ 1926 අගෝස්තු 13 වැනිදා කියුබාවේ, හොල්ගුයින් පළාතේ, බයිරාන් හිදී උපත ලබන විට, ඔහු ලෝකයක් කතා කරන අසහාය දේශපාලඥයෙකු වනු ඇති බව ඔහුගේ දෙමවුපියන් සිහිනෙනුදු නොසිතන්නට ඇත.

නමුත්, 2016 නොවැම්බර් 25 වැනිදා ලෝක දේශපාලනයේ විප්ලවීය සලකුණ බවට පත්වෙමින්, ෆිදෙල් කැස්ත්‍රෝ අවසන් ගමන් යනවිට ඔහුගේ වියෝව, ඔහුගේ මිතුරු පාර්ශ්වයට මෙන්ම, ඔහුගේ සතුරු පාර්ශ්වයටද තදින්ම දැනුණු බව නොරහසකි. ෆිදෙල් කැස්ත්‍රෝ යනු ඒ තරමටම ලෝක දේශපාලන ප්‍රවාහයේ ඇට, මස්, ලේ, නහර විනිවිද ගිය චරිතයක් බව සැබෑය.

15230796_844155065727601_628962865408345447_n 15241817_844155029060938_6914118261231080584_nකැස්ත්‍රෝ හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග සිටින පින්කූර FB ඇසුරිනි

ඔහුව ඝාතනය කිරීම සඳහා දියත් කරනු ලැබූ උත්සාහයන් ගණන හයසියයකට වැඩි බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. නමුත්, ඒ සෑම ඝාතන තැතක්ම, ඔහු අභියස පරාජය වන්නේ, ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයන්ද ෆිදෙල් කැස්ත්‍රෝ නාමය අභියස දණ නමන බව පසක් කරමිනි.

ලෝකයේ ප්‍රබලතම බුද්ධි අංශ තමා පසුපස ලුහුබඳිද්දී, ඒ සියලු බුද්ධි මෙහෙයුම් අභිභවා අවසානයේදී වයස්ගතව ලබන සාමාන්‍ය මරණයකින් සිය ජීවිතය අවසන් කරන නායකයෙකු එදාමෙදා තුර සිටියේ නම්, ඒ ෆිදෙල් කැස්ත්‍රෝ නාමය බවට විවාදයක් නැත.

තමා අභියස වූ දේශීය මෙන්ම විදේශීය සියලු අභියෝග ජයගනිමින් වර්ෂ 1959 සිට 1976 දක්වා කියුබාවේ අග්‍රාමාත්‍යවරාය ලෙසත්, 1976 සිට 2008 දක්වා එහි ජනාධිපති ලෙසත් සේවය කළ කියුබානු කොමියුනිස්ට් විප්ලවයේ නියමුවා මෙන්ම, එරට ප්‍රමුඛතම දේශපාලඥයා ෆිදෙල් කැස්ත්‍රෝ බවට අටුවාටීකා අවශ්‍ය නැත.

ඔහු 1946 සිට 1952 දක්වා ඔර්තඩොක්ස් පක්ෂය, 1953 සිට 1965 දක්වා ජූලි 26 සංවිධානය සහ 1965 සිට මියයන තෙක්ම කියුබානු කොමියුනිස්ට් පක්ෂය යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් කියුබාව ලෝකය හමුවේ හෝ ලෝක බලවතුන් හමුවේ දණ නොනමන ජාතියක් බවට පත්කළේය.

කියුබාව තුළ ඒකාධිපති පාලනයක් ගොඩනගමින් වර්ෂ 1940 දී බලයට පැමිණි ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව 1952 වසරේදී කඳවුරු බඳින ෆිදෙල් කැස්ත්‍රෝට ඒ නැගිටීම හේතුවෙන්ම වසර දෙකක කාලයක් සිරගතව සිටීමටද සිදුවිය.

කෙසේ වෙතත්, ක්ෂමා සංවිධානයේද මැදිහත් වීම මත 1955 වසරේදී නිදහස ලැබීමෙන් අනතුරුව එවකට විප්ලවීය සටන් පෙරමුණේ නායකයෙකු වන චේ ගුවේරාගේද සහාය ඇතිව බැටිස්ටා පාලනයට එරෙහිව ගරිල්ලා සටනකින් කියුබානු විප්ලවය අරඹන ෆිදෙල් කැස්ත්‍රෝ ඒ ඒකාධිපති පාලනය බිඳ දැමීමට සමත් වන්නේය.

ඒ අනුව, වර්ෂ 1959 දී කියුබාවේ නායකයා බවට ෆිදෙල් කස්ත්‍රෝ පත්වන්නේ එරට අගමැති ධුරය දරමිනි. ඒ අනුව, ෆිදෙල් කැස්ත්‍රෝ 1959 පෙබරවාරි 16 වැනිදා සිට 1976 දෙසැම්බර් 02 වැනිදා දක්වා කියුබාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණි.

එදා බැටිස්ටා පාලනය බිඳ දමමින්, ෆිදෙල් කැස්ත්‍රෝ ලැබූ ජයග්‍රහණය හුදෙක් දේශීය ජයග්‍රහණයක් නොව, ඇමෙරිකාව ආසන්නයේ වූ මේ කුඩා සමාජවාදී රාජ්‍යය විසින් ප්‍රබල ඇමෙරිකානු රාජ්‍යයට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

එහිදී, එවකට චීන හා රුසියානු බල කඳවුරුවල සහායද කියුබාවට ලැබුණු බව නොරහසකි. නමුත්, සිය විදේශ ප්‍රතිපත්තිය ලෙස නොබැඳි පිළිවෙත අනුගමනය කළ කියුබාවට 1979 දී එහි සභාපති ධුරයට හිමිවන්නේය. ඒ අනුව, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 7 වැනි සහ 23 වැනි මහලේකම් ධුරයද වර්ෂ 1979 සැප්තැම්බර් 10 වැනිදා සිට 1983 මාර්තු 06 වැනිදා දක්වාත්, වර්ෂ 2006 සැප්තැම්බර් 16 වැනිදා සිට 2008 පෙබරවාරි 24 වැනිදා දක්වාත් ෆිදෙල් කැස්ත්‍රෝ විසින් දරා තිබුණි.

1961 ජුනි 24 වැනිදා සිට 2011 අප්‍රේල් 19 වැනිදා දක්වා කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ප්‍රථම ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේද ෆිදෙල් කැස්ත්‍රෝ විසිනි. පසුව එහි ලේකම් ධුරය වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ වෙත පිරිනැමුණි.

එමෙන්ම, වර්ෂ 1976 දෙසැම්බර් 02 වැනිදා සිට 2008 පෙබරවාරි 24 වැනිදා දක්වා කියුබානු අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ සභාපති ලෙසද කටයුතු කරනු ලැබුවේ ෆිදෙල් කැස්ත්‍රෝ විසිනි. දැන් එම මණ්ඩලයේ සභාපති ධුරය වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ විසින් දරනු ලබයි.

දෙවරක් විවාහ වී ඇති ෆිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රථම බිරිඳ මිරිතා ඩයස්-බලාට් නම් වූ අතර, එම විවායහ 1948 සිට 1955 දක්වා පැවතිණි. අනතුරුව 1980 දී ඩාලියා සෝටෝ ඩෙල් වාලේ සමග ඔහු විවාහ විය.

රාවුල් කැස්ත්‍රෝ රුස්, එමා කැස්ත්‍රෝ රුස්, ඔගස්ටිනා කැස්ත්‍රෝ රුස්, රාමොන් කැස්ත්‍රෝ රුස්, ඇන්ජෙලා කැස්ත්‍රෝ රුස්, ජුආනා කැස්ත්‍රෝ රුස්, පේඩ්‍රෝ එමීලියෝ කැස්ත්‍රෝ අර්ගෝටා, මැනුවෙල් කැස්ත්‍රෝ අර්ගෝටා, ලීඩියා කැස්ත්‍රෝ අර්ගෝටා, අන්තෝනියා මරියා කැස්ත්‍රෝ අර්ගෝටා, ජෝර්ජියානා කැස්ත්‍රෝ අර්ගෝටා සහ මර්ටින් කැස්ත්‍රෝ ඔහුගේ සහෝදර සහෝදරියන්ය.

එමෙන්ම, ෆිදෙල් කැසේත්‍රෝ යනු දූ දරුවන් නව දෙනෙකුගේ පියෙකි. ෆිදෙල් ඒන්ජල් කැස්ත්‍රෝ ඩයස්-බලාට්, අලීනා ෆර්නැන්ඩේස්-රිවෝලටා, ඇලෙක්සිස් කැස්ට්‍රෝ-සාටෝ, අලෙජැන්ද්‍රෝ කැස්ත්‍රෝ-සාටෝ, අන්තෝනියෝ කැස්ත්‍රෝ-සාටෝ, ඒන්ජල් කැස්ත්‍රෝ-සාටෝ, ඇලෙක්ස් කැස්ත්‍රෝ-සාටෝ, ජෝර්ජ් ඒන්ජල් කැස්ත්‍රෝ-සාටෝ සහ ෆ්‍රැන්සිස්කා පූපෝ එම දූ දරුවන්ය.

හවානා විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබූ ෆිදෙල් කැස්ත්‍රෝ වෘත්තියෙන් නීතීඥයෙකි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.