Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන්, එසේත් නැතිනම් නත්තල සැමරීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයෝ බෙත්ලෙහෙමට පැමිණ සිටිති. බෙත්ලෙහෙම යනු ජේසුස් වහන්සේ උපත ලැබූ බව කියන නගරයයි.  පලස්තීනයේ බෙත්ලෙහෙමේ පිහිටි ‘මේන්ජර් චත්‍රරශ්‍රය’ පිහිටි පෙදෙසේ මීටර 16ක් (අඩි 52ක) උසැති නත්තල් ගසක් ද ඉදිකර ඇත. 

බෙත්ලෙහෙම පලස්තීනයට අයත් නරගයක් වුවත් එය ඊශ්‍රායල ග්‍රහණයට නතුව තිබෙන අතර බටහිර ඉවුරේ පිහිටි මෙම නගරයට වසර ගණනාවකට පසු කාර්යබහුල නත්තලක් උදා වී තිබේ. හෝටල් කාමර සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇති අතර ආරක්ෂක තත්ත්වය ද සන්සුන් ස්වභාවයක් ගෙන ඇත. ජේසුස් වහන්සේ ඉපැදුණු බව කියන ස්ථානයේ ඉදි කර ඇති පල්ලියේ දේව මෙහෙයන් සිදුවන බොහෝ පිරිසක් ඊට සම්බන්ධව සිටිති. “මේ ස්ථානය හරි අපූරුයි. මම සැබෑ නත්තල සමරනවා වගේ දැනෙනවා” යැයි මැලේසියාවෙන් පැමිණි බැතිමතකු වූ ජෝශප් අහ්ලාන් කීය. 

“ජේසුස් වහන්සේගේ උපත සැමරීමට බොහෝ පිරිසක් මෙහි පැමිණ තිබෙනවා. එයින් ජනතාවට මෙහි පැමිණෙන් කොතරම් උනන්දු වනවාද කියා පෙනෙනවා. ඔවුන්ගේ තිබෙන කැමැත්ත ආසාව එයින් පෙනෙනවා” යැයි බල්ගේරියාවෙන් පැමිණි සංචාරයකු වූ මාරියා මෝවා කීවාය. ‘මේන්ජර් චත්‍රරශ්‍රය’ අවට කැරොල් ගායනා, ගීතිකා, දේව මෙහෙයන් පැවැත්වෙන අතර ලොව නන්දෙසින් පැමිණි බොහෝ පිරිසක් ඊට සම්බන්ධ වී සිටිති. 

(රොයිටර් ඇසුරෙන් ලංකාදීප )

විඩියෝ උපුටනය -එමිල් රෝහාන් පිටුවෙනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.