Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තායිලන්තයේ මාඒසායි පළාතේ පිහිටි චිආන්ග් රායි ගුහාවතුළ සති ගණනාවක් සිරව සිටියදී බේරා ගැනුණු වයිල්ඩ් බෝර්ස් නම් එරට පාසැල් පාපන්දු කණ්ඩායමකට අයත් සාමාජිකයන් අතර සිටි විදෙස් සංක්‍රමණිකයන් වෙත තායිලන්ත පුරවැසිභාවය ලබාදීමට බලධාරීන් පසුගියදා පියවර ගත්තේය.

ඒ අනුව කණ්ඩායමේ සහාය පුහුණුකරු වන 25 හැවිරිදි එකාපොල් චාන්තාවොන්ග් වෙත සහ දරුවන් තිදෙනෙකුට මෙලෙස පුරවැසිභාවය හිමිව ඇත.  ඔවුන් සියලු දෙනාම අසල්වැසි මියන්මාරයේ සිට දේශසීමාව හරහා තායිලන්තය වෙත සංක්‍රමණය වූවන් ලෙස සැලකෙයි.

මෙම සිදුවීමට පෙරාතුව සිටම ඔවුන් තායිලන්ත පුරවැසිභාවය ඉල්ලා අයැදුම් පත්‍ර ඉදිරිපත් කර තිබූ බව බලධාරින් සඳහන් කර සිටියි. ඒ දක්වා ඔවුන් වාසය කර ඇත්තේ තායිලන්තයත් මියන්මාරයත් අතර උතුරුදිගින් පිහිටි දේශසීමාවේ ප්‍රදේශකය.

අද මේ සියලු දෙනාටම තායිලන්ත පුරවැසිභාවය හිමි වෙනවා. තායිලන්තය තුළ ඉපැදී තවමත් පුරවැසිභාවය හිමි නොවූ විශාල පිරිසක් තවත් ඉන්නවා.* මෙම පිරිසට අදාළ ජාතික හැදුනුම්පත් ප්‍රදානය කරමින් මාඒ සායි දිස්ත්‍රික්කයේ ප්‍රධානී සොම්සාක් ඛානාඛාම් පවසා තිබේ.

මේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වයිල්ඩ් බෝර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා, එය තමන්ට ඉතා සතුටක් බව පවසා ඇත. &මේ අයට තායිලන්ත පුරවැසිභාවය ලැබුණා කියන්නේ, ඔවුන්ට ඉදිරියටත් පාපන්දු ක්‍රීඩාවේම නිරත වෙලා ඉන්න වුවමනාවක් නෑ. ඔවුන්ට පුළුවන් විභාග ලියලා රජයේ සේවකයෙකු බවට පත්වෙන්නත්.* ඔහු සඳහන් කර තිබේ.

රජයේ සංඛ්‍යලේඛන අනුව අද වනවිට තායිලන්තය තුළ රාජ්‍යයක් නොමැති 488,105 ක ජනතාවක් සිටින බව හඳුනාගෙන තිබේ. එහෙත් එහි සැබෑ අගය ලක්ෂ 35ක් බව රාජ්‍යයක් අහිමිවූවන් පිළිබඳ ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානය පවසයි. මෙවැනි පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම, ඉඩමක් මිලදී ගැනීමට නොහැකිවීම, නීත්‍යානුකූල රැකියාවක් ලබා ගැනීමට නොහකිවීම ඇතුළු බාධා රැසක්ම පවතී.

[caption id="attachment_26789" align="alignleft" width="750"]In this release by Chiang Rai Public Relations Office, Adul Samon, left, receives an identity card denoting Thai citizenship from Somsak Kunkam Sheriff of Mae Sai during a ceremony in Mae Sai district, Chiang Rai province, northern Thailand, Wednesday, Aug. 8, 2018. Mongkol Boonpiam, Adul Samon, and Pornchai Khamluang, three of the young soccer players players who had been trapped for almost three weeks in a cave in northern Thailand —— and 25-year-old assistant coach Ekapol Chanthawon, who had been with them, had been stateless, their lack of citizenship not only restricting their upward mobility, but even their right to travel outside of Chiang Rai, the northern province where they live. A fifth boy on their Wild Boars soccer team who was not in the cave but had applied for citizenship was also granted it. (Chiang Rai Public Relations Office via AP)[/caption]

පෙර පුවත් - 
ලොවක් බලා සිටි දරුවන් මූදා ගැනීමේ තායිලන්ත ගලවා ගැනීමේ මෙහෙයුම : සිරවී සිටි සියලුදෙනා මුදා ගනී

තායි ලෙනේ සිරවුණු දරුවන් 12 දෙනා - පුහුණුකරු යහතින් ඉන්නවා බේරා ගන්න මාසයක් බලන් ඉන්න වෙනවා

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.