චීන ගගනගාමීන් දෙදෙනාගේ ගමන සාර්ථකයි
- 2016-10-20 18:33:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ෂෙන්සොයු 11 අභ්‍යවකාශ යානය මගින් පසුගිය සඳුදා පෘථිවි කක්ෂය වෙත රැගෙන ගිය ගගනගාමීන් දෙදෙනා එරටට අයත් ටිආන්ගොන්ග් 2 අභ්‍යවකාශ විද්‍යාගාරය වෙත සාර්ථකව ගොඩබැසීමට සමත් විය. ඒ අනුව චීනය විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම්වල තවත් එක් ඉදිරි පියවරක් ලෙසද මෙම අවස්ථාව ඉතිහාසයට එක්ව තිබේ. මේ අතරම චීන රජයේ මාධ්‍ය මීට අදාළ වීඩියෝ දර්ශනද ලෝකයට ප්‍රසිද්ධ කළේය.
සඳුදා උතුරු දිග චීනයේ ගෝබි කාන්තාරයේ සිට දියත් කෙරුණු ලෝන්ග් මාර්ච් රොකට්ටුව ආධාරයෙන් මෙම ෂෙන්සොයු 11 අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක විය. එහිදී අභ්‍යවකාශ ගත කෙරුණු ගගනගාමීන් දෙදෙනා ජිආන්ග් හෙයිපෙන්ග් සහ චෙන් ඩොන්ග් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරි දින 30ක කාලයක් මේ ටිආන්ගොන්ග් 2 අභ්‍යවකාශ විද්‍යාගාරයේ රැඳී සිටීමට නියමිතව තිබේ. ඒ අනුව මෙය චීනයේ ගගනගාමීන් විසින් එතෙක් මෙතෙක් සිද කරන ලද දිගුම අභ්‍යවකාශ මෙහෙයුමද වෙයි.
චීන මාධ්‍ය වාර්තා පවසන ආකාරයට පෘථිවියේ සිට කිලෝමීටර් 393 ක් ඉහළ අභ්‍යවකාශයේ මෙම මධ්‍යස්ථානය පිහිටා තිබේ. ඒ වෙත ලගා වීමට ගගනගාමීන් දෙදෙනාට දින දෙකක් ගත විය. එසේම පෘථිවියේ සිට ක්‍රියාත්මක කෙරුණු දුරස්ත පාලක ක්‍රමවේදයක් හරහා ඔවුන් දෙදෙනා මෙම මධ්‍යස්ථානය තුළට සාර්ථකව පිවිසි බවත් ඔවුන් කියා සිටියි. මේ සඳහා ගතවූ කාලය පැය දෙකකට ආසන්නය. ඔවුන් දෙදෙනා විද්‍යාගාරයට පිවිසි පසුව පෘථිවිය හා සම්බන්ධ වෙමින් සියලුම චීන ජාතිකයන්ට සිය සතුට ප්‍රකාශ කර සිටින බවද ප්‍රකාශ කළේය.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments