Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නත්තල වෙනුවෙන් නවසීලන්තයේ වෙලිංටන් නුවර සිදුකළ සැරසිලිවල පැටලී කුරුල්ලන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් කුරුල්ලන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී එම කුරුල්ලන්ගේ බෙලි සහ පියාපත් වල මෙම නත්තල් සැරසිලි පැටලී ඇත. ඒ අනුව මේ සම්බන්ධවෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව එරට තුළ සත්ත්ව හිංසනය පිටුදැකීමේ රාජකීය නවසීලන්ත සංගමය පවසයි.

මෙලෙස කුරුල්ලන් එම සැරසිලිවල පැටලීම ඒවා නිසි ලෙස සකස් නොකිරීමේ වැරැද්දෙන් සිදුවූවක් බව එම සංගමය පවසයි. බොහෝ දෙනාගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව එම සංගමය මේ වනවිටත් කුරැල්ලන් රැසකගේම ජීවිත බේරා ගැනීමට සමත්ව ඇත.

"මේ පැටලිලා හිටිය කුරුල්ලන්ගෙන් එක පරෙවියෙක්ගේ ඇගේ ඒ සැරසිලිලවල පාටත් තැවරිලා තිබුණා. ඒ වගේම තමයි ඇතැම් කුරුල්ලන් මිය ගිහින් තිබුණේ මේ පැටලීම් නිසා රුධිර සංසරණයට බාධා පැමිණිලා." එම සංගමයේ ප්‍රකාශිකාව පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.