Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියවසකට පමණ පෙරාතුව අත්ලාන්තික් සාගර කලාපයේදී මුහුදු බත් වුණු සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයා කිමිදීමේ දුර්ලභ අවස්ථාවක් උදා වී ඇතැයි වාර්තා වෙයි. ඕෂන්ගේට් නම් ඇමෙරිකානු සමාගමක් මේ සඳහා මූලිකත්වය ගෙන ඇත. ලබන ජූනි 26 වැනිදා ඔවුන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එහිදී මෙම මෙහෙයුම ටයිටැනික් සමීක්ෂණය කිරීමේ ගවේෂණය ලෙස නම් කර තිබේ. මෙම සමාගම මුලින්ම 2018 වසරේ මැයි මාසයේදී ටයිටැනික් හි සුන්බුන් සොයා කිමිදීම ඇරඹීමට සැලසුම් කළද අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා එය 2019 වසර දක්වා කල් දැමීමට ඔවුන් සිදුවිය.

එම සමාගමට අනුව දින 11ක් පුරා මෙම ගවේෂණය සිදු වෙයි. ඒ අනුව කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජොන්ස්හි සිට මෙම පිරිස් ගුවන් මගින් සාගරයේ පිහිටි කිමිදුම් සඳහා සහාය දක්වන නෞකාව වෙත රැගෙන යාම සිදු වෙයි. ගවේෂණය සඳහා එක් වන එක් පුද්ගලයෙකුගෙන් අය කෙරෙන මුදල ඩොලර් 105,129 කි. ඒ අනුව මෙම මුදල අද දවසේදී ටයිටැනික් නෞකාව ක්‍රියාත්මක වුයේ නම් එහි පළමු පන්තියේ ටිකට් පතකට අය කෙරෙන ගාස්තුව හා සමාන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සමාගම ලබන වසරේදී ගවේෂණ හයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අතරින් හතරක් සඳහා මේ වනවිටත් කිමිදුම්කරුවන් සම්පූර්ණ බව පැවසෙයි. එහෙත් ජූලි 25 සිට අගොස්තු 4 දක්වා සහ අගෝස්තු 1 සිට 12 දක්වා පවත්වන කිමිදුම් මෙහෙයුම් සඳහා සීමිත අවස්ථා කිහිපයක් විවෘතව පවතී. මෙහිදී කිමිදුම සඳහා එක්වන්නන් වයස අවුරුදු 18ට වඩා වැඩිවීම අනිවාර්යය වී තිබේ. එසේම කිමිදුමට පෙරාතුව ඔවුන් සියලු දෙනාටම ඒ සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක්ද ලබා දෙයි.

1912 අප්‍රේල් 14 වැනිදා අත්ලානිතික් සාගර කළාපයේ තිබූ අයිස් කුට්ටියක ගැටීම නිසා ටයිටැනික් නෞකාව මුහුදු බත් විය. ඒ වනවිට මගීන් සහ කාර්ය මණ්ඩලයේ 1503 දෙනෙකු නෞකාවේ සිට තිබේ. ඒ අනුව 20 වැනි සියවසේ සිදුවුණු වඩාත් ප්‍රසිද්ධම සාගර අනතුර මෙය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. අනතුරුව 1984 වසරේදී එක් කණ්ඩායමක් මුහුදු පතුලේ තිබූ මෙම ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයා ගැනීමට හැකිවිය. එහිදී මෙම සුන්බුන් මුහුදු මට්ටමේ සිට අඩි 12,600 ක් ගැඹුරේ පවතින බව අනාවරණය කෙරිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.