විද්‍යාර්ථ - විශාඛා මේසපන්දු ශූරතා දිනති
- 2016-10-10 11:49:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 15 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් කාණ්ඩ 2 ක් යටතේ බාලක සහ බාලිකා තරග පැවැත්විණ.
එහිදී වයස 19 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත් වූ අතර කොළඹ ආනන්ද විදුහල එහි අනුශූරතාව හිමිකරගත්තේය.
එම වයස් කාණ්ඩයේ (19 න් පහළ) බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ විශාකා විදුහල සමත් වූ අතර එහි අනු ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට හිමි විය.
තරගාවලියේ වයස 15 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සමත් වෙද්දී බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහල සමත් විය. එහි බාලක අනු ශූරතාව කොළඹ රාජකීය විදුහලටත්, බාලිකා අනු ශූරතාව කුරුණෑගල මලියදේව විදුහලටත් හිමි විය.
Reply To:
Name - Reply Comment
0 Comments