Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රුසියාව විසින් එතෙක් මෙතෙක් අභ්‍යවකාශ ගත කරන විශාලතම රේඩියෝ දුරේක්ෂයේ සැලසුම් කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.Millimetronහෙවත් Spektr-M ලෙස මෙම දුරේක්ෂය නම් කර තිබේ. රුසියාවේ සැලසුමට අනුව මෙය චන්ද්‍රයාගේ කක්ෂයට එපිටින් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

වසර 2020 අවසන්වීමට පෙරාතුව නිමා කිරීමට සැලසුම් කර ඇති මෙම මෙහෙයුම මගින් විශ්වයේ වඩාත් විස්තරාත්මක ඡායාරූප ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි රුසියානු අභ්‍යවකාශ බලධාරීන් විශ්වාසය පළ කරයි. මෙහිදී එම දුරේක්ෂය ස්වයංක්‍රීයව හෝ ගොඩබිම පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව කටයුතු කිරීමේ අවස්ථාව පවතී.

මීට පෙර 2011 වසරේදීද රුසියාව විසින් මෙවැනිම ආකාරයේ අභ්‍යවකාශ දුරේක්ෂයක් දියත් කරන ලදි. රේඩියෝඇස්ට්‍රෝන් (Spektr-R) දුරේක්ෂය ලෙස හැදින්වුණු මෙය රුසියාවේ සහ තවත් විදේශීය අභ්‍යවකාශ ගවේෂණ සමාගම්වල එකමුතුවෙන් දියත් කෙරුණකි. කෙසේ වෙතත් සැලසුම් කෙරී ඇති මෙම නවීනතම Millimetron අභ්‍යවකාශ දුරේක්ෂයෙන් වඩාත් සාර්ථක තොරතුරු ලබා ගැනීමට හැකි වෙනු ඇති බව රුසියාව පවසයි.(wmdjbm)

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.