Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කසකස්තානයේ පිහිටි බයිකොනොර් කොස්මොඩ්‍රෝමයේ සිට දියත් කෙරෙන රුසියාවේ සොයුස් රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය වෙත පසුගිය සිකුරාදා භාණ්ඩ තොගයක් රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය මාසයේදී සිදුවුණු සොයුස් රොකට්ටු අනතුරින් පසුව එමගින් සිදු කෙරුණු පළමු වැනි මෙහෙයුමද මෙය ලෙස සැලකෙයි. එසේම ලබන දෙසැම්බර් 03 වැනිදා  සොයුස් රොකට්ටුව මගින් සිදු කිරීමට නියමිතව ඇති මිනිසෙකු සහිත මෙහෙයුම සඳහා මෙය අත්හදාබැලීමේ අවස්ථාවක් ලෙසටද සැලකෙයි.

පසුගිය ඔක්තෝබර්11වැනිදා සිදුවුණු මෙම අනතුර නිසා සොයුස් රොකට්ටුව විනාශ විය. එය දියත් වී මිනිත්තු ගණනකට පසුව එහි දෝෂයක් පවතින බවට රුසියානු සහ එක්සත් ජනපද ගගනගාමීන් දෙදෙනා හඳුනාගැනීම නිසා ක්ෂණිකව ඉන් පිටතට ඒමට ගත් තීන්දුවත් සමග ඔවුන්ගේ ජීවිත ආරක්ෂා විය. මෙය රුසියාවේ සොයුස් රොකට්ටු සම්බන්ධයෙන් හටගත් පළමු වැනි අනතුර ලෙසද සැලකෙයි.

අද වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ ප්‍රවාහනය සහ ගගනගාමීන් ප්‍රවාහනය සඳහා ඇති එකම ක්‍රමය ලෙස රුසියාවේ මෙම සොයුස් රොකට්ටුව සැලකෙයි. සිදුවුණු අනතුරින් පසුව එම මෙහෙයුම් තාවකාලිකව අත්හිටවුණි.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.