ටජ්මහල මාස 6කට පසු විවෘත කරයි
- 2020-09-22 02:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී ඉන්දියාව අගුළු දැමූ කාලයේ දී සංචාරකයන්ගේ පැමිණීම නවතාලමින් ටජ්මහල වසාදැමිණි. මේ වනවිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, ක්‍රමිකව සංචාරකයන් කැඳවීමට බලධාරීන් කටයුතු කර ඇත. මේ වනවිටත් ඉන්දියාවෙන් දිනපතා කොරෝනා ආසාදිතයන් වාර්තා වන බැවින් දිනකට සංචාරකයන් 5,000ක් පමණක් පිවිසීම දක්වා එය සීමා කර ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තියට පෙර, දිනකට සංචාරකයෝ 70,000ක් පමණ එහි රැස් වූහ.
සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකළ නිලධාරීන් මෙම ස්ථානයේ දී කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගැනීම තහනම් කර තිබේ. පිවිසෙන දොරටුවලදී ශරීර උෂ්ණත්වය මැන බැලීමට ද, විද්‍යුත් ප්‍රවේශපත් ලබාදීමට ද කටයුතු කර ඇත. උදෑසන 8.00ට එහි දොරටු විවර කිරීමට පෙර එම භූමිය විෂබීජහරණය කරන අතර, එහි සිටින සියලු නිලධාරීහු මුඛ ආවරණ පැළඳ ගනිති.
ටජ්මහල පිහිටි අග්‍රා නගරයේ ගංවතුර තත්වයක් හටගත් 1978දී සහ ඉන්දියාවත් පකිස්තානයක් අතර යුද්ධය හේතුවෙන් 1971දී වශයෙන් මීට පෙර අවස්ථා දෙකක දී ටජ්මහල තාවකාලිකව වසාදැමිණි.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
ඡායාරූපය- තිලක්
Reply To:
Name - Reply Comment
0 Comments