ඩයිනසරෝයන් නටපු තැන
- 2025-07-19 20:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලතින් ඇමෙරිකාවට අයත්, බොලිවියාවේ කැල් ඕර්කෝ හි ඩයිනෝසෝර පා සටහන්, ඩයිනසෝරයන් සම්බන්ධයෙන් මෙතෙක් හමුවී ඇති අපූරු සොයා ගැනීමකි. සුක්‍රේ නගරය අසල පිහිටා ඇති මෙම ස්ථානයේ කිලෝමීටර් 1.5 කට වඩා විහිදෙන සහ මීටර් 80 ක් පමණ උසට නැඟෙන සිරස් හුණුගල් බිත්තියක් ඇත. පොසිල විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ, "ඩයිනෝසෝරයන් නටපු තැන" ( Dinosaur Dance floor) යන අරුතිනි.
මෙම බිත්තියේ අවසාන ක්‍රිටේසියස් යුගයේදී ආසන්න වශයෙන් වසර මිලියන 68 කට පෙර ප්‍රදේශයේ සැරිසැරූ විවිධ ඩයිනෝසෝර විශේෂ අටක් විසින් තබන ලද තනි පා සටහන් 5,000 කට වඩා පොළොව තුලට කා වැදී පොසිලකරණය වී ඇත.
මෙම පා සටහන් සංරක්ෂණ වී ඇත්තේ ඈත අතීතයේ විලක පැතලි, මඩ සහිත වෙරළ තීරයක්ව තිබූ බවට විශ්වාස කරන ස්ථානයක යැයි පැවැසෙයි. කාලයත් සමඟ, භූගෝලීය ක්‍රියාකාරකම් හේතුවෙන් භූමිය වෙනස් වූ අතර, කාලයාගේ ඇවෑමෙන් මෙම බිම තිරස් මතුපිට බෑවුම් සහිත කඳු බෑවුමක් බවට පත්ව ඇත. මෙම පා සටහන් අතර ටී රෙක්ස් ඇතුළු අප කවුරුත් දන්නා ඩයිනසෝරයන් රැසකගේ පා සලකුනු දකින්න ලැබේ.
ලුසිත ජයමාන්න
Reply To:
Name - Reply Comment
0 Comments