පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්
- 2020-11-24 13:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් වසර 2500ක් පමණ පැරණි ඉතා හොදින් සංරක්ෂණය කරන ලද සිසරු 100ක් පමණ හමුව තිබේ.
ඉතා හොඳින් මුද්‍රා තබා පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරැ මිහිදන් කර තිබු බවද ඔවුහු පවති.
සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය පෙට්ටිවල සිරුරු සුරක්ෂත කර තිබේ. එම සිරුරු උසස් ප්‍රභූ පුද්ගලයන්ට අය් ඒවා විය හැකි බව පුරා විද්‍යාඥයින්ගේ අදහසයි.
ඊජිප්තුවේ පුරා විද්‍යා සභාවේ මහලේකම් මොස්ටාෆා වසීරි මේ පිළිබඳව අදහස් දක්වමින් ‘‘ මෙම සොයා ගැනීම් විශේෂිතයි, සිරුරු බහා තිබු පෙට්ටිවල ගුණාත්මක බව හා ප්‍රමාණයක් ගැන සැලකීමේ දී ඒවා උසස් පුද්ගලයින්ට අයත් විය හැකි බව කියයි“
සියලු සිරුරු මේ වන විට ස්කෑන් පරික්ෂණයක් වෙත යොමුකර සිරුරු සංරක්ෂණය කළ ආකාරය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිව තිබේ.
අඩි 5.4 -අඩි 5.7 අතර පිරිමි පුද්ගලයකුට අයත් වයස අවුරුදු 40-45 අතර කාලයේ දී මිය යන්ට ඇති බව විද්‍යාඥයෝ අනුමාන කරති.
සිඑන්එන් ඇසුරිනි
ඡයාරූප - රොයිටර්
Reply To:
Name - Reply Comment
0 Comments