බයිඩන් - හැරිස් දෙදෙනාගේම පත්වීම් අනුමතයි
- 2021-01-08 07:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වොෂින්ටනයේදීය (රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතවාදීන්ගේ බාධා මැද, එරට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඊයේ (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද - 7 වැනිදා) යළි රැස්වුණු අතර, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතාත් උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් මහත්මියත් දෙදෙනාගේ පත්වීම් අනුමත කෙරිණ.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් මහතා සහ කමලා හැරිස් මහත්මියට අවසන් වශයෙන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙයි. කොංග්‍රස් මණ්ඩල රැස්වීමේදී ඡන්ද විමසුමක් පවත්වමින්, ඔවුන් දෙදෙනාගේ පත්වීම් සඳහා අනුමැතිය දීම සිදුවූයේ ඒ අනුවය.
මේ සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (6 වැනිදා)ය. එහෙත් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින විශාල කාල පරතරය අනුව මෙම ඡන්ද විමසීම සිදුවන විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් වී තිබිණ.
සාමකාමී බල හුවමාරුවකට අකමැති වත්මන් ජනාධිපති ට්‍රම්ප් එය වළක්වා ලීමට ඔහුගේ ආධාරකරුවන් උසි ගැන්වීය. එම අවස්ථාවේදී, ඔවුන් කොංග්‍රස් මණ්ඩලය රැස්වන කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී එහි බලය නතු කර ගැනීමට උත්සාහ කළහ.
මෙම ගැටුම හේතුවෙන් සිව් දෙනෙක් මරු දුටහ.
Reply To:
Name - Reply Comment
0 Comments