ලැව්ගිනිවල දුමාරයෙන් රෝග බෝවීමේ අවදානමක්
- 2020-12-22 13:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වනාන්තරවල හටගන්නා ලැව්ගිනිවලින් පැන නගින දුමාරයෙන් රෝග බෝවීමේ අවදානමක් ඇතැයි නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
විෂබීජ සහ දිලීර වලට මෙම දුමාරයේ විශාල වශයෙන් රැඳී සිටීමේ හැකියාව ඇති බව විද්‍යාඥයෝ පවසති.
මෙම රෝග ව්‍යාප්තියට මුල් වන පස්වල සිටින කුඩා ජීවීන් මෙම දුමාරය මගින් එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන බව ඔවුහු පෙන්වා දෙති.
එබැවින් සෞඛ්‍ය බලධාරීන් විසින් ලැව්ගිනි සම්බන්ධයෙන් සැලකිලිමත් වී, ඒ ගැන සොයාබැලීමට යම් පටිපාටියක් සැකසිය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.
ගිනි නිවීමේ හමුදාවේ පිරිස මෙම රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බව පර්යේෂකයෝ කියති. පාංශු ස්ථර එහා මෙහා වීම නිසා, විවිධ දිලීර සහ විෂබීජ වාතයට මුදාහැරෙන බව ඇමෙරිකානු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
පර්යේෂකයන් මේ වනවිටත් දුමාරයේ ඇති අංශු නිරීක්ෂණය කර, බැක්ටීරියා වර්ග 900ක් සහ දිලීර වර්ග 100ක් පමණ හඳුනාගෙන ඇත.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments