අද ලෝක ළමා දිනයයි-සොඳුරු ළමා ලොව රකින්න - වැඩිහිටියනි දෑත දෙන්න
- 2016-10-01 01:36:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ ළමා ලෝකය සුන්දරයි, ලස්සනයි ,පිවිතුරුයි, වැඩිහිටියන් කියන්නේ ළමයින් මල් වගේ කියලනේ,ඒත් අපේ ඒ ලස්සන ළමා ලෝකය සමහර වෙලාවට අසුන්දර වෙනවා. එහෙම වෙන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපයන් නිසා. අපේ සුන්දර ළමා ලෝකය රුක ගන්න උදවු කරන්න ඕනෑ වැඩිහිටියනුයි. ඒ වගේම අපිත් අපේ ළමා ලෝකය සුන්දර කරගන්න ඒ අයගේ උදව් ලබා ගන්න ඕනෑ. මෙවර ලෝක ළමා දිනයේ තේමාවෙන් කියවෙන්නෙත් එයමයි.
ළමයා කියන්නේ ශරීරයෙන් කුඩා පුද්ගලයාට නෙමෙයි. ළමයා යන්නට දී ඇති සරලම නිර්වචනය වන්නේ ‘වයස අවුරුදු 18ට අඩු ගැහැනු හා පිරිමි සියලා දෙනා ළමයි යන්නයි. ළමයින්ට ජාති, ආගම්, කුල, වර්ණ භේද කිසිවක් අදාළ නෑ. මේ නිර්වචනයට අයිති වන කවුරැත් ළමයි.
ළමා ලෝකය සුන්දරයි, සැහැල්ලුයි කියලා හැඳින්නුවාට හැම වෙලාවෙම හැම ළමයාගේම ලෝකය සුන්දර වෙන්නේ නෑ. විවිධ හේතු නිසා අපේ ලෝකය අසුන්දර වෙනවා. අපට නොයෙක් හිරිහැරවලට මුහුණ දෙන්න සිදුවෙනවා. පීඩාවට පත්වෙන අවස්ථා බොහොමයි. අපට මේ වගේ තර්ජන ඇති වන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරම් නිසා. අපේ ලෝකය අසුන්දර කරන්න ඒ අය කරන කියන දේවල් බලපානවා. ඒ නිසා අපි අපේ වැඩිහිටියන් ක්‍රියා කරන ආකාරය ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕනෑ. අවධානයෙන් ඉන්න ඕන.
ලෝකත ළමා දිනය නිමිත්තෙන් අද රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය,ශ්‍රී ලංකා පොලීසිය ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික ආයත රැසක් ළමා දින වැඩසටහන් පවත්වනු ලබයි..
වලල්ලාවිට
විහාර මහා දේවි උද්‍යානය
Reply To:
Name - Reply Comment
0 Comments