Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොලොන්නරු යුගයේ කාසි නිර්මාණය සදහා උපයෝගි කරගත් අච්චුවක් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පි‍්‍රයශාන්ත ගූණවර්ධන මහතා පවසයි.

“මේ කාසි නිර්මාණය සදහා භාවිතා කළ  බව පැහැදිලියි. කුමන හෝ ලෝහ වර්ගයක් රත්කර මේ කුහර වලට දමා පසුව සිල් එකක් ගසා ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ කාසි කුමන කාලේ කොයි වර්ෂයේ නිර්මණය කළාදැයි දැන් කියන්න අමාරුයි. ඇතැම් විට අනුරාධපුර යුගයටත් පෙර හෝ පොලොන්නරු යුගයෙදි විය හැකියි. නමුත් දැනට අනුරාධපුර යුගයටත් පෙර හා පොලොන්නරු යුගයටත් පෙර  මේ ප‍්‍රදේශයේ ජනාවාස තිබු බවට අපට කැණීම් වලින් තොරතුරු ලැබෙනවා“

පොලොන්නරු රාජධානියේ සංරක්ෂණ කටයුතු  පසුගිය වසරෙ දි ආරම්භ කළේ මධ්‍යම  සංස්කෘතික අරමුදලයි. ඒ සඳහා පස් අවුරුදු විශේෂ පරික්ෂණ ව්‍යාපෘතියක්  ඇරැඹිණි. මහාචාර්ය  ගුණවර්ධනට  එංගලන්තයේ ඩර්හැමේ විශ්ව විද්‍යාලයයේ සහායද ලැබෙයි.

පොලොන්නරුව අංක 2  පර්යන්ත කලාපයේ  සිට  පැරණි නගරය ඇතුළු ප‍්‍රදේශය  කිලෝමීටර්  50ක සිමාවේ පුරාවිද්‍යාත්මක කැණිම් සඳහා හඳුනාගත් ප‍්‍රදේශ පිළිබද  පළමු වර්ෂයේ වාර්තාව  එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මහතාට බාර දුන්නේය. මෙම ව්‍යපෘතිය යටතේ පුරාවිද්‍යා විශේෂ උපාධිධාරි  සිසුන්ට සහ මධ්‍යම සංකෘතික අරමුදලේ  පුරාවිද්‍යා නිලධාරින් ඇතුළු පනහස් දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දෙයි. ඒ අනුව ඒ අනුව පසුගිය  (05) දින සිට මාසයක්  කැණීම් කටයුතු සිදු වෙයි. ඉන්දියාවේ බරොඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගොපාල් මහතා ද, නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද, බංගලිදේශය ඉන්දුනිසියා පුරාවිද්‍යා නිළධරයෝ ද මේ සදහා සහභාගි වෙතියි මහාචාර්ය පි‍්‍රයශාන්ත ගුණවර්ධන මහතා  කියයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.