Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍ර‘වේශ පත්‍රවල පවතින ගැටලු හෝ සංශෝධන පිළිබඳව මේ මස 15 වැනිදාට පෙර දැන්විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ට දන්වා සිටියි.
අගෝස්තු 02 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍ර‘වේශ පත්‍ර පාසලේ විදුහල්පතිවරයාටත්, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ප්‍ර‘වේශ පත්‍රවල විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන කිරීමට අවශ්‍ය නම් පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව තම ගැටලු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාව වෙත යොමු කළ යුතු බවද ඔහු පවසා  සිටියේය.
මීට අමතරව නියමිත දිනට ඉල්ලුම් කර ප්‍ර‘වේශ පත්‍ර නොලද පෞද්ගලික අයදුම්කරුවන් සිටී නම් ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ පිටපතක් හෝ අයදුම් පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් ප්‍ර‘වේශ පත්‍ර ලබාගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ සියලු විමසීම් 1911, 0112 784 208, 0112 784 537, 0113 188 350, 0113 140 314 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ 0112 784 422 යන ෆැක්ස් අංකයට ෆැක්ස් පතක් එවීමෙන් හෝ සිදුකළ හැකි බවද හෙතෙම කියා සිටියේය

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.