ජලභීතිකාවෙන් මියගිය රෝගීන්ගේ අඩුවක්
- 2016-09-30 14:47:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජලභීතිකා රෝගය බෝවීමෙන් මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව අඩකින් අඩුවී ඇතැයි මහජන පශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.ඒ.එල්. හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
සැප්තැම්බර් 28 වැනිදාට යෙදී තිබුණු ලෝක ජලභීතිකා දිනයට සමගාමීව මෙරට සංවිධානය කෙරුණු උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
“පසුගිය 2015 වර්ෂයේ ජලභීතිකා රෝගය බෝවීමෙන් පුද්ගලයන් 24ක් මියගියා. මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට අපට වාර්තා වී ඇත්තේ ජලභීතිකා මරණ 12යි. ඒ අනුව 2020දී ජලභීතිකාව මෙරටින් තුරන් කිරීමේ ඉලක්කය කරා අපට ගමන් කළ හැකි බව පෙනී යනවා* යනුවෙන්ද ඔහු කීය.
මිනිසුන්ට මෙන්ම සතුන්ටද බෝවන 100෴ ක් මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව මිනිසාට සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන වාහකයා ලෙස සුනඛයන් හඳුන්වා දෙයි. එම රෝගය අසාදිත සතුන්ගේ ඛේටය මගින්, සපා කෑම්, සීරීම් හා ශ්ලේෂ්මල පටල මත ලෙවකෑම් ආදිය නිසා වෙනත් සතුන්ට හා මිනිසාට එම රෝගය බෝවෙයි.
නිවසක සුනඛයෙකු ඇති කරයි නම්, එම සත්ත්වයාට දරුවෙකු හදාවඩාගන්නාක් මෙන් රැකවරණය, ආරක්ෂාව, වෛද්‍ය ප්‍රතිකාර ආදිය ලබාදිය යුතු බවත්,ආහාර පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන බවත් මෙම අවස්ථාවට එක්වූ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සරත් අමුණුගමමහතා සඳහන් කළේය.
එසේම සුනඛයෙකු ඇතිදැඩි කිරීම සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතිරීති සම්පාදනයද ඉදිරියේදී සිදුවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී Rabies Registry Sri Lanka නමින් නව වෙබ් අඩවියක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර, එහි විශේෂත්වය වන්නේ දෛනිකව වෙබ් අඩවියට තොරතුරු එකතු කිරීම මෙන්ම සුනඛ සපාකෑම්වලින් පසු එන්නත් ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන්ට පළමු එන්නතින් පසු ලබාගතයුතු එන්නත් ලබාගන්නා දින කෙටි පණිවුඩ හරහා අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය වෙත යැවීමයි.
Reply To:
Name - Reply Comment
0 Comments