තාක්ෂණ හා නවෝත්පාදනයේ ඉදිරි ගමනට ශ්‍රි ලංකාව සූදානම්
- 2016-10-11 08:27:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියානු සංවර්ධනය යනු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන බවත් විද්‍යා, තාක්ෂණික සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10දා)මෙම අදහස් දැක්වීය. විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කරගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.
ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගිතා සංවාද සමුළුව තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වූයේ රටවල් 34 ක සහභාගිත්වයෙනි.
නිරෝෂා සෝමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments