නියඟය නිසා වන උද්‍යාන 18න සතුන් පීඩාවට
- 2016-10-03 08:31:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ජාතික වන උද්‍යාන 22න් 18කම ජීවත්වන වන සතුන් පීඩාවට පත්ව තිබෙන බවත්, වියළි කලාපයට අයත් සෑම වනාන්තරයකම ජීවත්වන වන සතුන්ද පීඩාවට පත්ව සිටින බවද දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සඳහන් කරයි.
ජල හිඟයට මුහුණපා සිටිනා වනසතුන් ජලය සොයාගෙන ගම්මාන වෙත පැමිණෙමින් සිටින බවත් මේනිසා වන සතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පවා පත්ව තිබෙන බවද එම සංගමයේ සභාපති අතික් නසීර් මහතා සඳහන් කළේය.
මීට අමතරව අලි ඇතුන් ගම්වැදීම නිසා අලි මිනිස් ගැටුමක්ද නිර්මාණය වී තිබෙන නිසා වන සතුන් ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.(අද පුවත්පත)
Reply To:
Name - Reply Comment
0 Comments