Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසරය රැක ගත  නොහැකිවුවහොත් අපිට ‍හෙටක් නැත. ඒ නිසාම හෙට අපි රැකෙන්නට අද එයට කලයුතු දේ කල යුතුමය යන අරමුණ පාසල් දරුවන්ට පසක් විමේ සුන්දර අත්දැකිමකට කන්දකුලිය දරුවන් එක්වු විශේෂ මොහොත ඉතාමත් සුවිශේෂී විය.

 එම අරමුණ මුල් කර ගනිමින්  කල්පිටිය කන්දකුලිය කලපු තිරය රැක ගැනිමට පාසල්  දරුවන් කඩොලාන පැල 1000 ක් සිටුවිමට  එක්ව තිබුනේ ජෛව සංරක්ෂණ  සංගමය සහ කන්දකුලිය සින්ධාතීමාතා ධීවර කාන්තා සමිතියේ මැදිහත් විමේනි.

කන්දකුලිය කලපු තිරය පසුගිය සමයේ දැවැන්ත හානියට ලක්ව තිබුණි. එසේ සිදුවන හානියට එරෙහි වන්නටද කිසිවකුට ඉඩ ලැබි නොතිබුණි.

 කලපු තිරයේ තිබු කඩොලාන විනාශ කිරිම නිසා මත්ස්‍ය සම්පත සිග්‍ර ලෙස අඩුවු බව ධිවරයින් පවසයි . මේ ප්‍රදේශයේ  බහුතරයක් පිරිසගේ රැකියාව ධිවර කර්මාන්තය වන අතර කඩොලාන විනාශ විමත් සමග ඉස්සන් ඇතුළු මත්ස්‍ය සම්පත අහිමි වෙමින් තිබු අතර මේ වෙනුවෙන් හා කලපු පරිසරය රැක ගැනිමට කන්දකුලිය හා  පාසල් වල පරිසර නියමු කන්ඩායම් කලපු තිරයේ කඩොලාන පැල රෝපනය කිරිම ආරම්භ කිරිම කලේ විනෝදය ගෙන දෙන ආකාරයටය .

1000 කට  ආසන්න කඩොලාන පැල තොගය පම්බල සුළු ධිවර ආයතනයෙන් නොමිලේ  ලබා දි තිබු අතර ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් එකනායක මහතා මෙම මහගු වැඩ පිළිවෙළට එක්වු දරුවන්ට අගනා සහතිකයක් ලබා දිමට ද අමතක නොකිරිම වැදගත්ය.

 දරුවන් තම කලපු තිරය රැක ගැනිමට දක්වන කැමැත්ත නිසාම අනාගතයේදි කන්දකුලිය කලපු තිරය අලංකාර සේම ධිවරයින්ට වාසි වන බව අමුතු කථාවක් නොවනු මානය.

අනාගතය අපේ අතේ  (1) අනාගතය අපේ අතේ  (2) අනාගතය අපේ අතේ  (4) අනාගතය අපේ අතේ  (5) කඩොලාන පැල සිටුවිමට  රුගෙන එමනේ  (1) කඩොලාන සිටුවිමට  එක්වු අයුරු (3) කඩොලාන සිටුවිමට  එක්වු අයුරු (4) A (1) A (2) A (3) A (4) A (5) A (6) A (7) A (8) A (9) A (10) A (11) A (12) A (13) A (14) A (15) A (16) A (17) A (18)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.