යුද හමුදාවට අවුරුදු 67 යි
- 2016-10-10 08:11:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ කර අදට (10දා) වසර 67ක් පිරෙන බව යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.ක්‍රි:ව: 1949 දී ‘ලංකා යුද හමුදාව’ (සිලෝන් ආමි) ලෙස ස්ථාපිතව අනතුරුව ක්‍රි:ව: 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස වෙනස් විය.
2009 වසරේ මැයි මස දරුණු ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාව විශේෂ දායකත්වයක් දැක්වීය. යුද හමුදාවේ 25,000කට අධික රණවිරුවන් පිරිසක් දේශය වෙනුවෙන් දිවි පුදා ඇති අතර, යුද හමුදා සිවිල් කාර්යමණ්ඩලයේ 123ක්ද ඒ අතර වෙති.
දශක තුනක් පුරා පැවැති යුද්ධයේදී රණවිරුවන් 82,337ක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ 38ක්ද ආබාධිත තත්ත්වයට පත්වූහ. යුද හමුදාවේ 3,425ක් වූ රණවිරුවෝ පිරිසක් අතුරුදන් වූහ.
ලොව පවතින සමකාලීන හමුදාවන් අතුරින් දේශයෙන් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ ලොව එකම හමුදාව ලෙස යුද හමුදාව ඉතිහාස ගතව තිබේ. යුද හමුදා දින සැමරුම් පෙළපාලිය අද (10දා) දින පනාගොඩදී පැවැත්වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments