ලොව පුරා මිලියන 69ක ගුරු පුරප්පාඩු යුනෙස්කෝ සංවිධානය පවසයි
- 2016-10-06 14:19:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 2030 පමණ වන විට ලොව පුරා ගුරුවරුන් මිලියන 69 කගේ පුරප්පාඩුවක් පවතින බව යුනෙස්කෝ සංවිධානය අනාවරණය කළේය.
ජාත්‍යන්තර ගුරු දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ අදහස් පළ කර තිබේ. යුනස්කෝ සංවිධානයට අනුව 2030 වසර වන විට ලොව පුරා සෑම දරුවෙකු වෙනුවෙන්ම ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනයක් පවත්වා ගැනිමට නම් එම ගුරුවරුන් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.
මේ අතරින්ද උප සහරා අප්‍රිකානු කලාපය සහ දකුණු දිග ආසියානු කලාපය තුළ ගුරු හිඟය දැඩිව බලපානා බවත් එය දරුණු හිඟයක් බවට පත්වීමට පෙරාතුව වහාම ක්‍රියාත්මක විය යුතු බවත් එම සංවිධානය පවසයි. යුනෙස්කෝ සංවිධානයේ දත්ත අනුවද අද වනවිට ලොව පුරා ප්‍රාථමික හෝ ද්විතියක පාසල් වෙත ඇතුළත් නොවුණු ළමයින් මිලියන 263ක් සිටින බව අනාවරණය වී තිබේ. ඒ අතරින්ද ළමයින් මිලියන 25ක් කිසිලෙසකින්වත් පාසලක් වෙත අඩිය තබා නොතැබූ පිරිසක් වන බවද යුනෙස්කෝ සංවිධානය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments