‘ලෝකය වෙනස් කරන්නේ ගුරුවරුන්‘-ජනපති
- 2016-10-06 09:32:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මානව හිමිකම් ගැන කතා කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස භුක්ති විඳිය යුතු අතරම එය සැබෑ ලෙස තේරුම් ගැනීමත් අධ්‍යයනය කිරීමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙළ අමතමින් පැවසීය.
ගුරුවරයකු දඬුවම් කළ පමණින් මානව හිමිකම් ගැන කතා කරන මාපියන් ගුරුවරුන් දෙස සාධාරණව බැලිය යුතු බව ද කී ජනපති කවුරුන් කෙසේ කීවද ලෝකය, රට හා සමාජය වෙනස් කරන්නේ ගුරුවරුන් යැයි ද ලෝකය වෙනස් කිරීමේ රට හා සමාජය වෙනස් කිරීමේ මානව ශක්තිය, අයිතිය හා උරුමය හිමිවන්නේ සමස්ත ගුරු පරපුරට යැයි ද කීවේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ට සිය ඉගෙනීම් කටයුතු අවසන් නොකර තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට හැකි අයුරින් නව විෂය ධාරා 24කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව උත්සවය ඇමැතූ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය.
විභාග කේන්ද්‍රීය ක්‍රමයක් වෙනුවට අනාගතයේ දී දරුවන්ට තමා දක්ෂතා දක්වන විෂයවලින් ඉදිරියට යෑමට එම ක්‍රමවේදය තුළින් අවස්ථාව සැලසෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා එහිදි කීවේය.
ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය
Reply To:
Name - Reply Comment
0 Comments