Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

13339620_10154107291671327_668069264628983039_nකොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ අනුව බදාදා (7) සිට ජූනි 14 වැනිදා දක්වා එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර  සමාරම්භක උත්සවය බදාදා පස්වරු 2.00 ට ජනාධිපතිතුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුකාරවරුන් 29කට සහ ජනාධිපතිවරුන් හයදෙනකුට තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා වෙන්වී තිබූ නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය හා ගෝර්ඩ්න් උද්‍යානය වසර 37කට වැඩි කාලයක් වසා තැබිණි.
පසුව එය රාජ්‍ය නායක නිල නිවාසයක් වශයෙන්ද යොදා ගැනිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ජනාධිපති මන්දිරය සහ අවට ප‍්‍රදේශය අධි ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබුණි.
වත්මන් ජනපති බලයට පත්වීමත් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප‍්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරිණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මන්දිරය සිය නිල නිවාසය වශයෙන් යොදා නොගන්නා අතර එය රාජකීය අමුත්තන් පිළිගැනීම ඇතුළු විශේෂ අවස්ථා සඳහා පමණක් යොදා ගනී.
077- 3086366 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මගින් මෙය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට සහ ජනතාවට වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජගෙදර ඉතිහාසය යටත්විජිත සමය දක්වාම දිවයන්නකි. අද රජගෙදර පිහිටි භූමිය පෘතුග‍්‍රීසි පාලන යුගයේ දේවස්ථානයකි.
එක්දහස් පන්සිය පහේදී පෘතුගී‍්‍රසින් ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ කොටුවේ උසම භූමියේ ශාන්ත ෆ‍්‍රැන්සිස් දේවස්ථානය ඉදිකළහ. දේවස්ථාන අසල ෆ‍්‍රැන්සිස් පූජකාරාමයක් ද ඉදිකළ අතර එකල මියගිය පෘතුගී‍්‍රසි ප‍්‍රධානීන්ගේ මෘත ශරීර තැන්පත් කළේද මේ බිමේය.
මේ බිමෙහි  ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දෙමහල් මැදුරක් ඉදිකළේ එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එන්ගල් බැක්ය. කලින් කලට නවාංග එක්වූ එම මන්දිරය රජගෙදර නැමති මහා මන්දිරය ගොඩනැගීමට පසුබිම සැකසීය.
1782 දී බි‍්‍රතාන්‍ය හමුදාව කොළඹ කොටුවට පහරදී ලන්දේසින් යටත් කර ගත්තද එන්ගල් බැක් මේ නිවසින් බැහැර නොවීය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්‍රික් නෝර්ත් යටතේ රජයේ ආදායම් නිලධාරියා ලෙස සේවය කළ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි අතින් රජයේ විගණන වාර්ථාව අනුව පවුම් දස දහසක් අඩු වුයෙන් ඔහුගේ බිරිඳ වන එන්ගල් බැක්ගේ මිණිපිරිය තම සැමියා බේරා ගැනීමේ අරමුණින් මෙම නිවෙස රජයට පවරාදීමට තීරණය කළාය.
පවුම් අටදහස් හත්සියයකට ඇස්තමේන්තු කළද ඉතිරි පවුම් ගණන අඩුකර සින්න කරගැනීමට බි‍්‍රතාන්‍ය රජය කැමති වුයෙන් 1804 ජනවාරි 17 වැනිදා මෙම නිවස රජයට පවරා ගැනිණි. (lankadeepa)

ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය 

p-2 p-3 p-4 p-5 p-6 p-7 p-8 p-9 p-10

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.