වැස්ස තවත් දුරයි
- 2016-09-20 10:48:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැකි අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (20දා) අලුයම 5.30ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම දකුණු , බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං බලාපොරොත්තුවිය හැකි බවත් එහි වේගය පැ.කි.මී. 60 පමණ වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments