ශිෂ්‍යත්ව හපනා මාතර මෙතොදිස්ත විදුහලේ එස්. නිරාන් සමරවික්‍රම-කඩඉම් ලකුණුත් නිකුත් වේ
- 2016-10-05 10:02:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු තැන හිමිකර ගැනීමට මාතර මෙතොදිස්ත විදුහලේ එස්. නිරාන් සමරවික්‍රම සිසුවා ලකුණු 196 ලබා ගනිමින් සමත්ව සීටි. කුලියාපිටිය, ඇස්සැද්දුම සුභාරති විදුහලේ රුවන්යා මෙත්මි ගුණසේකර සිසුවිය ලකුණු 195ක් ලබා දෙවැනි ස්ථානයත් ලබාගෙන ඇත.
ශිෂ්‍යත්වයේ දිස්ත්‍රීක් පදනම මත කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.
ඒ අනූව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු 159ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. හම්බන්තොට, පුත්තලම, රත්නපුර යන දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 156ක් වන අතර අනුරාධපුර පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්ක තුනෙහි කඩඉම් ලකුණු වන්නේ 154ක් බව සඳහන්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 153ක් වන අතර හා මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 151කි. වව්නියාව දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු වන්නේ 142ක් වන අතර එය අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පසුගිය අගෝස්තු 21 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියෝ 3,50,740ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments