Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිතව තිබූ 19 වැනි සාක් සමුළුව දින නියමක් නොමැතිව කල් දැමීමට පාකිස්තානය රජය තීරණය කර තිබේ.

සාක් සමුළුව මේ වසරේ නොවැම්බර් මස 9 දා හා 10 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත සාර්ක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දමන ලද්දේ ශ්‍රී ලංකාව ඇතුළුව සාක් රටවල් පහක් එම සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් පාකිස්තානය තුළ නොමැති බව ප්‍රකාශ කිරීමත් සමගිනි.

පසුගිය සිකුරාදා දිනයේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දැනට කලාපය තුළ පවතින වාතාවරණය තුළ සාක් සමුළුව ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට තරම් සුදුසු නොවන බවයි.

ශ්‍රී ලංකාව මේ බව සඳහන් කිරීමෙන් පැය කිහිපයකට පසුව පාකිස්තානය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ නොවැම්බර මස ඉස්ලාමාබාද් නුවර, පැවැත්වීමට නියමිතව තිබූ සාක් සමුළුව එම දිනයන්හි නොපැවැත්වෙන බවත් සමුළුව පැවත්වෙන ඊළඟ දිනයන් ඉතාමත් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කරන බවයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානයහා නේපාලය යන රටවල් පාකිස්තානයේ සාක් සමුළුව  පැවැත්වීමට සුදුසු වාතාරණයක් නොමැති බව ප්‍රකාශ කළේය. ජම්මු කාශ්මීර ගැටුම් හේතුවෙන් ඉන්දියාව මුලින්ම සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කළේය.

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ, සමුළුව පැවැත්වෙන දිනයන් වර්තමානයේ සාක් සභාපතීත්වය දරණ භූතානය සමග සාකච්ඡා කර ඉක්මනින්ම දැනුම් දෙන බවයි.

සිකුරාදා දිනයේදී ශ්‍රී ලංකාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුටරත් සඳහන් වූයේ,කලාපීය සහයෝගීතාව සඳහා සාක් ප්‍රඥප්තියෙහි පොදු විධිවිධානවලට අනුකූලව සියලුම මට්ටම්වලදී ගනු ලබන තීරණ ඒකමතිකභාවයකින් යුක්ත විය යුතු අතර, එම ප්‍රතිපත්තිය සාක් සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ රැස්වීම් කැඳවීම පිළිබඳ කාරණය සඳහාද අදාළ වන බවයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.