සෑම පාසලකම පාසල් පාරිභෝගික කව
- 2016-10-06 14:33:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විවිධාකාර වූ විෂමාචාර ක්‍රියාවන් මගින් පාරිභෝගිකයන් සූරාකන හා රැවටීමට ලක් කරන වෙළෙඳ ව්‍යාපාරිකයන් පිළිබඳ පාසල් වයසේ සිට දැනුම්වත් කිරීම සඳහා දිවයින පුරා සෑම පාසලකම පාසල් පාරිභෝගික කව පිහිටුවීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යාපන දැනුවත් කිරීම් හා පුහුණු කිරීමේ ඒකකය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව හා පාරිභෝගික යුතුකම් පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව පාසල් පාරිභෝගික කව පිහිටුවීම තුළින් පාසල් ආපනශාලාව නිසි ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය යෝජනා හා අනෙකුත් කටයුතු සිදු කිරීමටද සැලසුම් කර තිබේ.
පාසල් වයසේදීම පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ දැනුවත් වන නිසා එම පිරිස් වැඩිහිටියන් ලෙස සමාජගත වූ පසු තමන්ගේ කටයුතු නිසිලෙස සිදුකරගැනීමට හැකි වන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments