සියලුම රජයේ පාසල් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන බවට පත්වෙයි
- 2016-09-30 14:01:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සියලුමපාසල් ඉදිරි වසර තුළ දීප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කොළඹදී පැවැති තොරතුරු දැනගැනීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් ලේකම්වරයා මේබව කීය.
පාසල පවත්වන කාලය තුළ සිසුසිසුවියන්ට සුහුරු තාක්ෂණය පිළිබඳ සහ නව දැනුම ලබාදීමට විවිධ නව ක්‍රමයන් හඳුන්වාදෙන අතර, පසවරු 1.00 න් පසු තාක්ෂණය ගමට ගෙනයාමට පාසල ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙහිදී ප්‍රකාශකළේය.
ඒ අනුව පාසල් තුළ ඇති විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, තාක්ෂණාගාර භාවිත කරමින් ගමේ ජනතාව වෙත සහ පාසල ආශ්‍රිත ප්‍රජාව වෙත දැනුම ගෙනයාමට අවශ්‍ය සැලසුම් සකසන බවත්, අවශ්‍යනම් රාත්‍රීකාලයේදීද පාසල් විවෘත කර තබා වැඩිහිටියන්ට මෙම අධ්‍යාපනය ලබාදීම සිදුකරන බවත්ඔහු කීය.
මෙම ක්‍රමය තුළින් ගොවීන්ට මෙන්ම ගම්වාසීන්ටද නව තාක්ෂණ සහ තාක්ෂණික ක්‍රමයන් පිළිබඳ අවබෝධයක් ලබාදීමට හැකිවන අතර, ඒහරහා රජයේ කටයුතු පහසුවෙන් සිදුකරගැනීමට හැකිවනු ඇතිබවද සුනිල් හෙට්ටිආරච්චි මහතා විශ්වාසය පළකළේය.
එමෙන්මඉදිරියේදී පාසල්වල විවිධ විෂයයන් ඉගැන්වීමට මෙන්ම ඇගයීම් කටයුතු සඳහා සුහුරු තාක්ෂණය භාවිත කරන බවත් නව තාක්ෂණය ඔස්සේ රජයේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments