සුදු සැරයටි දින කොඩි සතියේ පළමු කොඩිය ජනපතිට පළඳවයි
- 2016-10-04 19:34:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය පාදක කර ගනිමින් පවත්වන කොඩි සතියේ පළමු කොඩිය අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීය. දෘශ්‍යාබාධිත ශිෂ්‍ය සුභසාධන අරමුදලට මූල්‍යාධාර එක්රැස් කිරීමට සහ දෘශ්‍යාබාධිත ප්‍රජාව කෙරෙහි සාමාන්‍ය ජන සමාජයේ අවධානය යොමු කර ගැනීම පිණිස මෙම කොඩි අලෙවි සතිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත කොඩිය පැළඳ වූ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ජනාධිපති අතින් සුදු සැරයටි පිරිනැමීම ද සිදු විය.
දෘශ්‍යාබාධිත ප්‍රජාවට සමාජයේ අත් විදීමට සිදුවන අපහසුතා සහ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාරදෙන ලදී.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා, ලේකම් පද්මකුAමාරි කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියහ. (ජනාධිපති මාධ්‍ය අංශය)
Reply To:
Name - Reply Comment
0 Comments