Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නිවාස දස ලක්ෂයක් සඳහා සූර්ය බලශක්තිය හඳුන්වාදීමේ  "සූර්ය බල සංග‍්‍රාමය” ප‍්‍රජා විදුලි ජනන වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසෙන් ආරම්භ කෙරිණි.

ජනපති නිල නිවස සූර්ය බලයෙන් බල ගන්වමින් වැඩසටහනේ සමාරම්භය ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.
 
බලශක්තියෙන් ස්වයංපෝෂිත ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් කි‍්‍රයාත්මක මෙම වැඩසටහන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු සංවිධාන රැසක සහභාගිත්වයෙන් කි‍්‍රයාත්මක වේ.

 
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
මේ අතර   "සූර්ය බල සංග‍්‍රාමය” දියත් කිරීමේ ජාතික උත්සවය ද ඊයේ (06) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
 
එම උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජාතික සංවර්ධන ක්ෂේත‍්‍රය තුළ අප සපුරාගත යුතු ප‍්‍රමුඛ අවශ්‍යතාවය වන්නේ ජාතික විදුලි බල අවශ්‍යතාවය බවයි.
 
මෙම සූර්ය බල සංග‍්‍රාමය මෙරට විදුලි බල ක්ෂේත‍්‍රය, සංවර්ධන ක්ෂේත‍්‍රය මෙන්ම දෛනික ජන ජීවිතය ද නව පරිවර්තනයක් කරා ගෙන යනු ඇති බව  ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
විදුලිබල ක්ෂේත‍්‍රය ජය ගැනීම තුළින් රජයටත්, ජනතාවටත් විශාල ආර්ථික නිදහසක් ලැබෙන බව ද  පැවසූ ජනාධිපතිතුමා තමා ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයාමට හේතු වූ ප‍්‍රධාන කරුණු අතර එහි විදුලි බිල සඳහා මාසිකව අධික මුදලක් වැය වීම ද ප‍්‍රමුඛ හේතුවක් වූ බව කියා සිටියේ ය.
 
"සූර්ය බල සංග‍්‍රාමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර සූර්ය බල සංග‍්‍රාමය සාමාන්‍ය ජනතාවට සමීප කරවීම සඳහා ලබා දෙන ණය ප‍්‍රදානය සංකේතවත් කරමින් පාරිභෝගිකයින් සිව් දෙනෙකුට ණය මුදලට අදාළ චෙක්පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, විදුලිබල අමාත්‍යාංශ ලේකම් බී.එම්.එස්. බටගොඩ යන මහත්වරුන් සහ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිළධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ප්‍රවාත්ති දෙපාර්තම්න්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.