ළඟම පාසල - හොඳම පාසල සමාරම්භය අද සිට
- 2016-06-15 10:25:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම තෝරාගන්නා ලද පාසල් සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භකර ඇති ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතියේ සමාරම්භය අද (15දා) බණ්ඩාරගම රඹුක්කන මහා විද්‍යාලයෙන් ආරම්භකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 7000 ක් සංවර්ධනය කරන අතර, ඒයටතේ පාසල් වෙත ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම,විද්‍යා ගණිත ඊ පුස්තකාල ලබාදීම, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒකක පිහිටුවීම ආදිය සිදුකිරීමට නියමිතය.
එමෙන්ම මෙම පාසල් තුළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් ඒකකය, ක්‍රීඩා සංකීර්ණ, එළිමහන් රංග පීඨ, ආපන ශාලා, විදුහල්පති නිල නිවාස සහ ගුරු නිවාස ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.
ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතිය මේවසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේවසරේ ඒසඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 63,950 ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments