ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
- 2025-08-02 12:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. එය ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙයි. නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී ඇත. එරට වේලාවෙන් (1දා) රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද පුපුරා ගිය බවය.
ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසක් පුරා අහසේ විසිරී ඇත. අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක්විය ඇතිවිය බැවින්, කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට අනතුරු අගවා තිබේ.
ඉකුත් ජූලි මාසයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් බාලි දූපත වෙත ගමන්ගත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ම ප්‍රමාද කිරීමට හා අවලංගු කිරීමට සිදුවිය. දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව, පැසිෆික් 'ගිනි වළල්ල' මත පිහිටා තිබීම හේතුවෙන් නිතර භූකම්පන සහ ගිනිකඳු පිපිරීම්වලට මුහුණදීමට සිදුව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments