Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම ගැන දන්නවානේ. ඇපලෝ 11 මෙහෙයුම යටතේ තමයි නීල් ආම්ස්ට්‍රෝංග්, එඩ්වින් බස් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳ බලා ගොස් ආපසු පැමිණිය‍ේ. මයිකල් කොලින්ස්, මවු යානයට වී සඳුගේ කක්ෂයේ බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝංග් සහ එඩ්වින් බස් ඕල්ඩ්‍රීන්, ඊගල් චන්ද්‍ර යානයෙන් ගොස් සඳ මතට පය තැබූහ. ආම්ස්ට්‍රෝංග් සඳට පය තැබූ පළමු මිනිසා බවට පත් වූයේ ඒ අනුවයි. ඇපලෝ 11 මෙහෙයුම  මෙන්ම  සඳට  නොගිය  ඇපලෝ 13 මෙහෙයුම  සුවිශේෂී වික්‍රමයකි. මේ සටහන ඇපලෝ 13 මෙහෙයුම ගැනය.

කරදරයක්

ඇපලෝ 13 මෙහෙයුම යනු 1970 දී, නාසා ආයතනය‍ සඳ මතට තුන්වැනි වරටත් මිනිසුන් එසේත් නැතිනම් ගගනගාමීන් ගොඩබස්වන්නට සැලැසුම් කළ අභ්‍යවකාශ මෙහෙයුමය. අසාර්ථක වුවත්, ඇපලෝ 13 වීරත්වය පෙන්නුම් කළ මෙහෙයුමක් බවට පරිවර්තනය විය. ඇපලෝ 13 මෙහෙයුම ආරම්භ වී, පැය 56 ක් යද්දී, පෘථිවියේ සිට සැතපුම් 200,000ක් (කිලෝමීටර් 320,000ක්) පමණ දුරින් තිබියදී, ඇපලෝ 13 යානයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා ගියේය. පිපිරීම නිසා යානයට අවශ්‍ය විදුලිය, ඔක්සිජන් සහ ජල සැපයුම බරපතළ ලෙස අඩාල විය. ඇපලෝ 13 යානයේ සිටි ගගනගාමීන් තිදෙනා, හූස්ටන් පාලන මැදිරිය අමතමින් පැවැසුවේ “හූස්ටන්, අපට කරදරයක්” (Houston, we've had a problem here) යනුවෙනි. අද මෙම ප්‍රකාශය ඇමෙරිකානුවන් අතරේ ප්‍රකටය. කුමක් හෝ අලකංචිකදී පවා Houston, we've had a problem යනුවෙන් පැවැසීම සිදුවෙයි. ඒ, ඇපලෝ 13 මෙහෙයුම සිහිගන්වමිනි.

ජීවිත අවදානමක්

සිදුවුණු අකරතැබ්බ හේතුවෙන් යානයේ සිටි නාසා ගගනගාමීන් තිදෙනාගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්විය. ගගනගාමීන් තිදෙනා සහ පෘථිවි පාලන මැදිරියේ ඔවුන් සමඟ සම්බන්ධ වූ ඉංජිනේරුවන් කණ්ඩායම එක්ව කතාබහ කිරීමෙන් පසු තීරණය කෙරුණේ, මවු යානයට අයත් චන්ද්‍ර යානය (මොඩියුලය) ගගනගාමීන් තිදෙනා සඳහා ජීවිතාරක්ෂක යානයක් ලෙස භාවිත කිරීමටය‍. ඒ අනුව එය එසේ සිදුවිය.‍

චන්ද්‍ර යානය

මෙම චන්ද්‍ර යානය නිර්මාණය කර තිබුණේ ගගනගාමීන් දෙදෙනකුට දින දෙකක් පමණ රැඳී සිටීමට හැකි ආකාරයට පමණි. ගගනගාමීන් තිදෙනකු සිටි අතර, අවසානයේ ඔවුන් තිදෙනාම ඒ තුළට රිංගා ගත්තේ සිවු දිනක කාලයක් එහි සිරවී පණ රැක ගැනීමේ අරමුණින්ය. පණ බේරාගෙන ආපසු පෘථිවියට යෑමේ අභියෝගය ජයගැනීමට නම්, ඔවුන්ට විදුලිය, ජලය සහ තාපය ඉතාම අඩුවෙන් පරිහරණය කිරීමට සිදුවිය. යානය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 දක්වා පහත වැටුණු අතර, කාබන්ඩයොක්සයිඩ් පෙරීමේ ගැටලුවක් විය. එවිට පෘථිවියේ ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව, යානය තුළ තිබූ උපකරණ සහ ටේප් භාවිතයෙන් ගගනගාමීහු තිදෙනා තාවකාලික කාබන්ඩයොක්සයිඩ් පෙරනයක් සකසා ගත්හ.

සාර්ථක වූ අසාර්ථක මෙහෙයුම

අවසානයේදී, ගගනගාමීන් තිදෙනාගේ දක්ෂතාවය සහ පෘථිවියේ සිටි නාසා ඉංජිනේරුවන්ගේ උපදෙස් මත, ඇපලෝ 13 යානය, සඳ වටා ගමන් කිරීමෙන් පසු නැවත පෘථිවියට පැමිණීම සිදුවිය. ඒ කාලයේ ගගනගාමීන් රැඳී සිටියේ චන්ද්‍ර යානයේය. නාසා ආයතනයේ මෙම මෙහෙයුම සැලකෙන්නේ අසාර්ථක මෙහෙයුමක් ලෙස නොව, සාර්ථක වූ අසාර්ථක (Successful Failure) මෙහෙයුමක් ලෙසය. හේතුව ගගනගාමීන් තිදෙනාගේ ජීවිත බේරුණු බැවිනි.

වීරයෝ තිදෙනා

ඇපලෝ 13 ට සම්බන්ධ වූ ගගනගාමින් තිදෙනා වන්නේ, ජිම් ලොවෙල්, ෆ්‍රෙඩ් හයිස් සහ ජැක් ස්විගර්ට් ය.  

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම ගැන දන්නවානේ. ඇපලෝ 11 මෙහෙයුම යටතේ තමයි නීල් ආම්ස්ට්‍රෝංග්, එඩ්වින් බස් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳ බලා ගොස් ආපසු පැමිණය‍ේ. මයිකල් කොලින්ස්, මවු යානයට වී සඳුගේ කක්ෂයේ බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝංග් සහ එඩ්වින් බස් ඕල්ඩ්‍රීන්, ඊගල් චන්ද්‍ර යානයෙන් ගොස් සඳ මතට පය තැබූහ. ආම්ස්ට්‍රෝංග් සඳට පය තැබූ පළමු මිනිසා බවට පත් වූයේ ඒ අනුවයි. ඇපලෝ 11 මෙහෙයුම මෙන්ම සඳට නොගිය ඇපලෝ 13 මෙහෙයුම  සුවීශේෂී වික්‍රමයකි. මේ සටහන ඇපලෝ 13 මෙහෙයුම ගැනය.

වීරයාගේ අභාවය‍

ඇපලෝ 13 මෙහෙයුමට සිදුවුණු මෙම අකරතැබ්බ ගැන කීමට සිදුවූයේ පසුගිය දා සිදුවුණු ජිම් ලොවෙල්ගේ අභාවය සැලකිල්ලට ගනිමිනි. 1970 වසරේදී, ඇපලෝ 13 මෙහෙයුම ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමට මූලිකත්වය ගත්තේ, ගගනගාමී ජිම් ලොවෙල් පසුගිය 9 වැනිදා ඔහු අභාවප්‍රාප්ත විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 97 කි. ලොවෙල් ඇපලෝ 8 නාසා චන්ද්‍ර මෙහෙයුමට ද එක් විය. ඒ අනුව, දෙවරක් සඳට ගොස් එක් වරක් හෝ සඳට ගොඩබෑමට නොහැකි වූ ගගනගාමියා ලෙස සැලකෙන්නේ ජිම් ලොවෙල්ය. ඇපලෝ 13 වික්‍රමය සිනමාවට ද නගා ඇත. 1995 වසරේ තිරගත වුණු එම චිත්‍රපටයේ ලොවෙල්ගේ චරිතය නිරූපණය කරන්නේ, ටොම් හෑන්ක්ස් ය. ජැක් ස්විගර්ට් දිවියෙන් සමුගත්තේ 1982 දීය. ෆ්‍රෙඩ් හයිස් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහුගේ වයස අවුරුදු 91 කි.

ලුසිත ජයමාන්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.