Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඒ අනුව, අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් සිදුකළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී තිබේ.

මෙරට පාසල්  අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව සහ පිළිගැනීමේ ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

අධ්‍යාපන සුපරීක්ෂණ සේවාවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශය හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ පුළුල් අත්දැකීම් සහිත කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කරනු ලබන අතර, අධ්‍යාපන සුපරීක්ෂණ ක්‍රියාවලියේ සියලු තනතුරු සඳහා සුදුසු නිලධාරීන් විවෘත අයදුම්පත් කැඳවීමකින් හා සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගැනේ.

සියලුම පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන නිශ්චිත කාලසීමාවක් තුළ පරීක්ෂාවට ලක්කිරීම සහ ඉතා ඉක්මණින් සංවර්ධනය විය යුතු පාසල් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීමත් ගුණාත්මක තත්ත්ව විගණනයේ ප්‍රතිඵල, සංවර්ධන යෝජනා හා ප්‍රතිකාර්ය ක්‍රියාමාර්ග අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත වාර්තා කිරීමත් මෙම ආයතනයෙහි ප්‍රමුඛ කාර්යයකි.

එමෙන්ම පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවල වාර්ෂික කාර්ය සාධන වාර්තා සකස්කිරීම හා අදාළ පාර්ශව වෙත ඒවා ඉදිරිපත් කිරීමත්, පාසල්වල ස්වයංඇගයුම සඳහා සහාය වීම සහ දිරිගැන්වීමත්,සුපරීක්ෂණය, ගුණාත්මක තහවුරුව සහ පිළිගැනීම් ක්‍රියාවලිය සම්බන්ධ පර්යේෂණ සිදුකිරීමත්, අධ්‍යාපන ප්‍රමිති, නිපුණතා සහ කාර්යසාධන දර්ශක සකස්කිරීම සඳහා වන යෝජනා සහ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමත්, ඇතුළු කාර්යභාර රැසක් ද මෙම සුපරීක්ෂණ සේවාවට පැවරෙයි.

රටක සංවර්ධනයේ පෙරගමන්කරු ලෙස කටයුතු කිරීමට අධ්‍යාපන පද්ධතිය සමත්විය යුතු බවත්, එහිදී විවිධ පාර්ශවයන්ට පැවරී ඇති අධ්‍යාපනික කාර්යයන්හි වගකීම හා වගවීම් පාසල් පද්ධතියේ ප්‍රතිලාභීන් වෙත ඉටුවනවාද යන්න පිළිබඳ අඛණ්ඩව හා නිරන්තර ව සොයා බලමින් සමස්ත නියාමනයක් සිදුකිරීම සඳහා ජාතික මට්ටමේ පූර්ණ කාලීන ආයතනයක් පැවතීම ඉතා වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාසල් සුපරීක්ෂණය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ම සිදුකෙරුණකි. එහෙත් වරින් වර බලපෑ විවිධ හේතු සහ සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීමට පැවති විධිවිධාන ප්‍රමාණවත් නොවීම වැනි අඩුපාඩු නිසා අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය පිළිබඳ නිවැරදි තහවුරුවක් ලබාගත හැකි අන්දමින් එම ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් විධිමත් මුහුණුවරකින් පාසල් සුපරීක්ෂණ සේවාව ක්‍රියාත්මක කිරීමට මේ හරහා අවස්ථාව සැලසෙන අධ්‍යාපන අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.